යළි සේවයට පැමිණි විශ්‍රාමික වෛද්‍යවරයෙක් කොවිඩ් මාරයාට බිලි

267

කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ 62 හැවිරිදි සයිඩ් රෆයිඩීන් නමැති වෛද්‍යවරයෙකි.

ඔහු මීට පෙර විශ්‍රාම ගොස් සිටියත් පවතින වසංගත තත්ත්වය හේතුවෙන් යළි රාජකාරි සිදුකර තිබීම විශේෂත්වයකි.

සති තුනක පමණ කාලයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු ඊයේ ජිවිතක්ෂයට පත්වී තිබුණි.

මේ අතර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 06 දැරියක් ද පෙරේදා ජීවිතක්ෂයට පත්වී තිබුණි. 

ඇයගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පී සී ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් ආසාදිතව සිට ඇති බවය.