යම් ප්‍රමාණයකට සිය මතකයන් අහිමිව ඇති බව – ෆැෆ් ඩූ ප්ලෙසිස් කියයි

5730

තමන් මේ වනවිට පූර්ණ සුවය ලබා නවාතැන්ගෙන සිටි හෝටලය වෙත පැමිණි බව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලු අයට සිය ස්තූතිය පළ කරන බවයි එහි දක්වා ඇත්තේ.

යම් ප්‍රමාණයකට සිය මතකයන් අහිමිව ඇති බවත්,කෙසේ වෙතත් තමන් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බවත් ෆැෆ් ඩූ ප්ලෙසිස් පවසනවා.

ඉතා ඉක්මනින් තමන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පසුගිය 19 වනදා පැවති තරඟයක් අතරතුර අනතුරට ලක්වූ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ෆෆ් ඩු ප්ලෙසිස් ආබාධයකට ලක් වුණා.

මෙම අනතුරව සිදුවූයේ,ක්වේටා ග්ලැඩියේටර්ස් සහ පෙෂාවර් කණ්ඩායම් අතර තරඟයේ උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදීයි ක්වේටා ක්‍රීඩක මොහොමඩ් හස්නයින්ගේ පාදයේ හිස තදින් වැදීම හේතුවෙන්.