යතුරුපැදි රේස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

269

අධික වේගයෙන් විනෝදාස්වාදය සඳහා යතුරුපැදි ධාවනයේ නිරත වූ පිරිසක් ඊයේ (14) සවස පිළියන්දල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් පිරිසට 12 දෙනෙකු ඇතුළත් අතර ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන්නන් ය.

එම යතුරුපැදි සියල්ල පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන්ට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙවැනි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.