මෝදර මියගිය කතගේ ස්වාමිපුරුෂයා “චූන්පාන් වෙළෙන්දෙක්” – කොළඹ යලිත් ඉහල අවදානමක….!

179

මිය ගිය කොළඹ මෝදර ප්‍රදේශයේ කාන්තාවන් හේතුවෙන් කොළඹ නගරය තුළ නැවත වතාවක් අවදානම් තත්ත්වයක් මතුව තිබේ. ඇගේ අසනීප තත්වය උග‍්‍ර වී ඊයේ දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සැක සහිත ලක්‍ෂණ හේතුවෙන් උණ රෝහලට මාරු කර යවා පැය කිහිපයකට පසුව මියගොස් තිබිණි.

ඇය මාසයක් පුරාම රෝගී තත්ත්වයෙන් නිවසේ සිට ඇති අතර පවුලේ සාමාජිකයන් අසල්වැසියන් සහ වෙළෙන්දන් ආදී විවිධ සමාජ ස්ථරයන් සමග එම කාලයේදී ගනුදෙනු කර ඇත. ඒ හේතුවෙන් ඇය ආශ්‍රිතව ගොඩනැගෙන පොකුර කොතෙක් දැයි මෙතෙක් තක්සේරු කර ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

මියගිය කාන්තාව කොළඹ මෝදර ප්‍රදේශයේ පිහිටි ‘මෙත් සද සෙවන’ නිවාස සංකීර්ණයේ බී කොටසේ දහතුන් වැනි මහලේ ජීවත් වූ කාන්තාවකි.ඒ අනුව එම මහලේ සිටින සියලු දෙනානිරෝධායනයකිරීමට කටයුතු කර තිබේ. ඇය විසූ නිවාස සංකීර්ණයේ පදිංචි දහසකට වැඩි පිරිසක් දැනටම හුදකලා කර ඇත.

ඇයගේ සැමියා බේකරි කර නිෂ්පාදන අලෙවි කරන්නෙකු වන අතර ඇය ගතවූ මාසය පුරාම ඔහුට ඒ සඳහා සහයෝගය ලබා දී තිබේ.

එම නිවාස සංකීර්ණයේ සෙසු කොටස්වල පදිංචි 3000ක පමණ පිරිසකගේ කොරෝනා පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

එම කාන්තාව ඉකුත් අප්‍රේල් මස 26 වෙනිදා ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවෙන් එලිහවුස් ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

” මේ කාන්තාව ප්‍රතිකාර ගත් පුද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 11 දෙනා හඳුනා ගෙන තිබෙනවා. ඒ පිරිස ඇතුළුව අද (06) ඉදලා මෙම කාන්තාව ජිවත්වු මෙත්සඳ මහල් නිවාස ආශ්‍රිතව අහඹු ලෙස පුද්ගලයින් ගෙන් PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම සිදුකරනවා. ඊයේ සිදුකළ PCR පරීක්ෂණ 15 වාර්තාවන් ඊයේ රාත්‍රියේදී ලැබීමට නියමිතව තිබුණා. එම ප්‍රථිපල අනුව අපිට ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිවාස සංකීර්ණය ආශ්‍රිතව 5000 කට ආසන්න පිරිසක් ජිවත් වෙනවා. මේ වෙන විට එම ප්‍රදේශය හුදකෙලා ප්‍රදේශයක් බවට පත්කරලා තියෙන්නේ”

මෝදර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියා.