BREAKING NEWS
Search

මෛත්‍රී ගැන කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්

195

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන්කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරයි.

එම වාර්තාව හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන ලෙස කාදිනල් හිමිපාණන් එහිදී පෙන්වා දුනි.

පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්විය.

ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

දේවමෙහෙය අවසන්වීමෙන් අනතුරුව කාදිනල් හිමිපාණන් එම අදහස් පළ කළේය.

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍ර හාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා.අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා.අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා.මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා.මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්.කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ.කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා.එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ.තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා.ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”

2019 පාස්කු ඉරිදා ප්‍ර හාරයේ වින්දිතයන් සමඟ එක්ව සොව පළ කිරීමේ ආගමික මෙහෙයන්ද ප්‍ර හාරයට ලක් වූ දේවස්ථානවල අද දින පැවැත්වුණි.

එම අවස්ථාවට කාදිනල් හිමියන් ද එක්විය.

පාස්කු ඉරුදින එල්ල වු ම රාගෙන මැරෙන ත්‍ර ස්ත ප්‍ර හාරයෙන් වැඩිම හානි සිදුවූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ද ඊයේ රාත්‍රීයේ සහ අද පෙරවරුවේ පාස්කු මංගල්‍යය වෙනුවෙන් දිව්‍ය යාගයන් සංවිධානය කර තිබුණි.

අද පෙරවරුවේ පැවති පාස්කු මංගල දේව මෙහෙයෙන් අනතුරුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි සිදුවු උත්ථාන වු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දේවස්ථානය වටා විථි සංචාරය කළ අතර එම අවස්ථාව සඳහා පාස්කු ප්‍ර හාරයේ වින්දිතයින් සහ ඥාතීන් එක්විය.

අනතුරුව පාස්කු ප්‍ර හාරයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් ඉදිවූ ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමද සිදුකෙරුණි.