මේ රටත් ජනතාවත් තනි පුද්ගලයෙකුට ලියලා දීලා නෑ – මේ මියයමින් ඉන්නේ අපේ ඥාතීන්

203

පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් සිටියදී මාධ්‍යයවේදීයෙකු ඇසුවේ මෙච්චර රටේ කොරෝනා වියාප්ත වෙද්දී රට වැහීමක් නොකරන එක ගැන ඔබතුමාගේ මතක කුමක්ද?

ඒ පිළිබඳව අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

විශේෂයෙන්ම ජනාධිපතිවරයා සංඛ්‍යා දත්ත සමඟ එවා වෙනස් කරමින් ජනතාව සමඟ මාරාන්තික ක්‍රීඩාවක යෙදෙමින් තියනවා.මොකද දැන් හෙලිදරව් වී තිබෙනවා විශාල දත්ත තොරතුරු සංඛ්‍යාවක් සඟවන බව.මා දැක්ක ඔබගේ මාධ්‍යය ආයතන මේක වර්තා කරල තියනවා.

මෙවැනි වසංගත තත්වයකදී වැදගත්කම දේ තමයි පුරෝකථන කොහොමද සිදුවන්නේ ඊලග සතියේ මොකක්ද වෙන්නෙ කියලා පුරෝකථන අවශ්‍යයි.හැබැයි නිවැරදි පුරෝකථනයන්ට එන්න පුලුවන් කම තියෙන්නෙ නිවැරදි දත්ත තොරතුරු තිබුනොත් විතරයි.හැබැයි ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරනවා දත්ත තොරතුරු සඟවාලා වෛරසයෙන් මගහරින්න.අනික් එක තමයි මේ දත්ත තොරතුරු සමජයට දුන්නොත් තමයි මේ ලෙඩේ ගැන සමජය විසින් වැඩියෙන්ම අවධානය යන්නේ.

ඒ වගේම අපේ රටේ විශේෂඥ වෛද්‍යය කණ්ඩායම් ආණ්ඩුවත් එක්ක කොවිඩ් මර්ධන මෙහෙයුමේ කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවගේම සෞඛ්‍යය අධයක්ෂ ජනරාල්වරයා,එවගේම සෞඛ්‍යය අමාත්‍යතුමිය කැබිනට් මණ්ඩලයේදී කරපු අදහස් මේ ඔක්කෝම කියන්නේ දැඩි සංචරණ සීමාවකට යායුතුයි කියලා.ඒ අන් කවරයක් නිසා වත් නොවෙයි.සිය ගණනක් මිනිස්සු මිය යමින් තිබෙනව.

මා දැක්කා යම් පන්සලකට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා කියලා වර්තා වෙනවා සංචරණ සීමා තවත් දැඩි කරන තීන්දුවක්ට යා යුතුයි කියලා.සෞඛ්‍ය අංශ කියනවා නම් එම් අමාත්‍යවරයා කියනවා නම් අග්‍රාමාත්‍යවරයා ඒක වගේ ඉඟියක් දීලා තිබෙනවා නම් ඒ සියල්ල පසෙකලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතවගේ මරණත් එක්ක ක්‍රීඩාවක යෙදෙමින් තිබෙනවා.

සෞඛ්‍ය අංශ දෙන ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව වෙන වෙන වැඩ කරනවා වෙඩින් වල මිනිස්සු 50 කරනවා එහෙම නැත්තම් 60ට වැඩි අයට PCR කරන්න කියනවා ඒ අනුව මොහු කරන්නේ මේ ප්‍රශ්නයට කිසිදු යථාර්ථවාදී නොවන තීන්දු තීරණ තමයි ගෝඨාභය ජනාධිපතිවර්යා විසින් ගනු ලබමින් තියෙන්නේ.

ඒ නිසා අපි බලකරලා කියන්නේ මේ රටේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක කරන සූදුව දැන්වත් නවත්තන්න.මේ මියයමින් ඉන්නේ අපේ ඥාතීන් අපේ රටේ පුරවැසියෝ.මේ රටත් ජනතාවටත් තනි පුද්ගලයෙකුට ලියලා දීලා නෑ .