පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හමුවේ ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු පාලන ඒකකය පවසයි.
අධ්යක්ෂ අනුර ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ගතවූ මාස 9ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 27,733ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදීය.
එම සංඛ්‍යාව 11,608කි.
මෙම වසර තුළ ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.