BREAKING NEWS
Search

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වෙයි

602

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම,බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.අද අලුයම මෙම මරණය වාර්තා වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුලදී තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත සඳහන් කර සිටින්නේ.