BREAKING NEWS
Search

මෙරට කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් දෙන්න සමාගම් දෙකක් ඉදිරිපත් වෙයි

160

කොවිඩ් බ්‍රිතාන්‍ය ප්‍රභේදයට ලක්වන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර දැනට සපයන ප්‍රමාණයට වඩා 300%ක් වැඩිපුර ලබාදිය හැකි බව ඔක්සිජන් සැපයුම් සමාගම් දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඔක්සිජන් සමාගම් දෙක අතර පැවති සාකච්ඡාවකදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ලීටර හැටහත් දහසක් වන අතර,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දෛනික අවශ්‍යතාව ලීටර් විසි දෙදහසකි.

එහෙත් බ්‍රිතාන්‍ය වයිරස ප්‍ර‍භේදයට ගොදුරුවන රෝගීන් සඳහා කඩිනමින් ඔක්සිජන් ලබාදීම සුදුසු බව වෛද්‍ය නිර්දේශයයි.වයිරසය ශ්වසන පද්ධතියට එල්ල කරන බලපෑම හේතුවෙන් නිව්මෝනියාව ඇතිවීම වැළැක්වීම එහි අරමුණයි.

ලීටර් හතළිස් හතක් වූ ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර පහළොස් දහසක් සමාගම් සතුව ඇති අතර රෝහල්වල ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර නවදහසක් ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

තවද ජම්බෝ සිලින්ඩරයක් රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී පැය හතරකින් අවසන් වෙයි.කොළඹ හා මහනුවර ජාතික රෝහල් මෙන්ම පේරාදෙණිය ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල්වල වතුර ඔක්සිජන් ගබඩාද පිහිටා ඇත.එම ගබඩාවලද වතුර ඔක්සිජන් පුරවා තිබේ.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔක්සිජන් පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව ඖෂධ නියාමනය,සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවැසීය.

උදයජීව ඒකනායක