මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 95.8%කටම ඩෙල්ටා

164

මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8 කගේම ශරීරවල ඇත්තේ මාරාන්තික ඩෙල්ටා සැර කොරොනා වයිරස ප්‍රභේදය බව පෙනී යන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මේ අතර මෙරටින් මේදක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව අද (10) වනවිට 359ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

රටපුරා කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල පිළිබඳව පැවැත්වූ ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ අලුත්ම වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (10) බාරදෙනු ලැබීය.