මෙන්ඩිස් පරදා පෙරේරා ජයග්‍රහණය කරයි.

639

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟ සංචාරය හෙතුවෙන් පුහුණු තරඟයක් ලෙස කුසල් මෙන්ඩිස්ගේ හා කුසල් පෙරේරාගේ නායකත්වයෙන් අන්තර් සමාජික විස්සයි විස්ස තරඟයක් ඊයේ පැවැත්විනි.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන් නියමිත පන්දුවාර විස්ස තුළදී ලකුණු 219 කඩුලු 4ක් පමණක් දැවී රැස්කිරීමට ඔවුන්ට හැකි විය.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායමේ ලකුණු පුවරු සටහන් වුනේ මෙලෙසය

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම – 219/4 (20.0)ධනුෂ්ක ගුණතිලක 98 (52),කුසල් මෙන්ඩිස් 42 (31),අවිශ්ක ප්‍රනාන්දු 32 (16),දසුන් ශානක 30 (20)
දුෂ්මන්ත චමීර 1/18,චාමික කරුණාරත්න 1/36, ඉසුරු උදාන 1/48

ඒ අනුව පිළිතුරු ඉනිම අරම්භ කර කුසල් පෙරේරා ගේ කාණ්ඩාය ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හබා ගියේ පහසුවෙන් එම ඉලක්කය කඩුලු 7 කින් හා පන්දු 4ක් ඉතිරිව තිබියදී ජය ගැනිමට සමත්විය.

ඒ අනුව කුසල් පෙරේරාගේ කණ්ඩායමේ ලකුණු පුවරු සටහන් වුනේ මෙලෙසය.

කුසල් ජනිත්ගේ කණ්ඩායම – 220/3 (19.3)
කුසල් පෙරේරා 95(50),ඕෂධ ප්‍රනාන්දු* 50(34),ධනංජය සිල්වා 32(22),වනිදු හසරංග 25(10),බිනුර ප්‍රනාන්දු 2/34,අකිල ධනංජය 1/40