මෙන්ඩිස් අ’රක්කු සමාගමේ වත්මන් හිමිකාරිණි නදීකා කරුණාරත්න.(Photos)

1970

නදීකා කරුණාරත්න කියන්නේ මෑතකදී ලාංකීය ජනයා අතර සුවිශේෂ ලෙස කතාබහට ළක්වු චරිතයක්. ඊට හේතුව වනුයේ ඇය හිරු නාලිකාවේ නිවේදකයෙකු ලෙස කටයුතු කරන චමුදිත සමරවික්‍රම සමගින් Truth with Chamuditha යූටියුබ් නාලිකාවේ කළ සාකච්ඡාවකි. කොහොම නමුත් ඇය ගැන බොහෝදෙනෙකු දැන හඳුනා ගන්නේ මෙම සාකච්චාවෙන් අනතුරුවයි. ඒ වගේම ඇය ගැන සමාජ මාධ්‍ය තුල සුවිශේෂ ලෙස කතා බහට ලක්වීමට එක් හේතුවක් වනුයේ ඇගේ සුන්දරත්වයයි

01

කොහොමහරි ඉතින් මෙන්ඩිස් සමාගම අයත් වන්නේ අර්ජුන ඇලෝසියස්ට නොව තමන්ට බව එම සමාගමේ කළමනාකාර කොටස්කාරියක වන නදීකා කරුණාරත්න එහිදී සඳහන් කරනු ලැබුවා. එහිදී ඇය කියා සිටියේ එම සමාගමේ හිඟ බදු මුදල් ලක්ෂ පන්දහසක මුදල ගෙවා දැමුවේ තමන් බවත් වසර දහයක ගිවිසුමක් යටතේ එය තමන්ට අයත් බවයි. තවද බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙම සමාගමේ නොමැති හෙයින් නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද එහිදී ඉල්ලා සිටියා

02

කොහොමහරි ඉතින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙහෙම කතාවකුයි. ” මේ කම්පැනිය අර්ජුන්ගෙ නෙවෙයි. සමාග මගෙයි. අපි හිඟ ටැක්ස් ලක්ෂ 5000කට වඩා ගෙවලා, සප්ලයර් පේමන්ට් ලක්ෂ 7000 ගානක්. මේවා සේරම ගෙවලයි මම කම්පැනිය ගත්තේ. ඒ වගේම මම උසාවි තීන්දුවකුත් අරගත්තා මේකේ මැනේජ්මන්ට් පාට්නත් මමයි කියලා. එතකොට කොහොමද මේ කම්පැනිය අර්ජුන් ඇලෝසියස්ගේ වෙන්නේ. පුලුවන්නම් මාත් එක්ක ඇවිල්ලා මේ කැම්පැනිය මගේ නෙමෙයි අර්ජුන්ගේ කියලා පෙන්වන්න කීයලා මම ඕනේ කෙනෙක්ට කියනවා. අර්ජුන් ඇලෝසියස්ට මේ කම්පැනියේ කිසිඳු අයිතියක් නෑ. කම්පැනිය මගෙයි. අපි 2018 අප්‍රේල් 25 වැලිකඩ සිරගෙදරට ගිහිල්ලයි මේ මෙන්ඩිස් කම්පැනිය අරගත්තේ කියලයි “ඇය අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් අද අපි මෙන්ඩිස් සමාගමේ වර්තමාන හිමිකාරිණිය නදීකා කරුණාරත්නගේ සුන්දර ජායාරූප කිහිපයක් අරගෙන එනවා

03

04

05

06

07

08

09

10

11

12