මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට සිදුවන දේ

214

මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සඳහා අද(14) සිට මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මුහුණු ආවරණ නිසි ලෙස නොපැලඳ පොදු ස්ථානවල සහ මාර්ගයේ ගමන් කිරීම සපුරා තහනම් බවත් එවන් පිරිස් අත්අඩංගුවට ගෙන නිරෝධායන,අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටිනවා