BREAKING NEWS
Search

මුස්ලිම් කියා වෙනම නීතියක් එපා-මුසම්මිල් පවසයි.

428

සමගි ජන බලවේග අපේක්ෂක ඉමිතියාස් බාකිර් මාකර් මහතා මුස්ලිම් නීති,කාති උසාවි අහෝසි කිරීමට විරෝධය පළ කරමින් සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

එක රටක් තුළ තිබිය යුත්තේ එක නීතියක් බවත් ජාතීන් වශයෙන් බෙදා වෙන වෙනම නීති ඇති කරන්න ගියොත් සිංහලයන්ට වෙනම සිංහල නීතියක් දෙමළ ජාතිකයන්ට වෙන දෙමල නීතියක් ආදී ලෙස නීති සකසන්නට වනු ඇතැයිද ඔහු පැවසීය.

අවසානයේ එම වෙනම නීති ක්‍රියාත්මක කිරීමට ජාතීන් වශයෙන් වෙනම රටක් යන තත්වයට වෙන්වීමේ තැනක් දක්වා මෙය යා හැකි බවද එනිසා ශ්‍රී ලංකාව රටක් විදිහට එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

මිතියාස් බාකිර් මාකර් වැනි සිංහල උගත් සිංහල භාෂාව හොදින් හසුරුවන සහ සිංහල ජනතාවගේ ප‍්‍රසාදයටද පත් වූ කෙනෙක් මෙවැනි අන්තවාදී මතය දැරීම ගැන තමා කනගාටු වන බවද ඔහු පවසයි.

aruna.lk