මුලින් හෙමිබිරිස්සාව,පස්සෙ බඩ බුරුලට ගියා…ඊට පස්සෙ ගඳ සුවඳ නැතුව ගියා..

946

කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදයෙන් මීට මාස කිහිපයකට පෙර භාරත දේශය කඳුළු ගංගාවක් බවට පත්වුණා. එහි අණසක දැන් ලොව පුරා පැතිර යන්නට පටන් අරගෙන. හුස්ම වැටුණු තම හිතවතුන් වෙනුවෙන් ඔක්සිජන් සිලින්ඩර් රැුගත් දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ දිගු පෝලිම් එදා සුලභ දසුනක්. නිසිලෙස එන්නත්කරණයට ලක් නොවීමත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට නිසිලෙස අනුගත නොවීමත් සමගම කොවිඞ් වසංගතයේ අවදානම ගැන නොදැක්වූ නොසැලකිල්ල එදා ඉන්දියාවට මහත්වූ ව්‍යසනයක් ගෙන ආවා.

එදා ඉන්දියාවේ විටින් විට දක්නට ලැබුණු සුලභ දසුන් මේ වනවිට ලංකාවේද දක්නට ලැබෙන්නේ හෙට දවස ගැන බලාපොරොත්තු ඇතිකර ගැනීමට ඇති හැකියාවද නැති කරමිනි. ධනය, බලය, ජනපි‍්‍රයත්වය හමුවේද හිස නොනමන මාරාන්තික කොවිඞ් වසංගතය අද වන විට කලාකරුවන්, දේශපාලනඥයන් වගේම ඔබේත් මගේත් ආදරණීයයන් සැබැවින්ම අසරණ කර ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ.

පසුගිය සතිය පුරාවටම ඔබ අපේ රටේ ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය හරහා දුටුවා මෙරට කලාකරුවන්ටද මේ බිහිසුණු අත්දැකීමට මුහුණදීමට සිදුවී ඇති අන්දම. නාඩගම්කාරයෝ කුකුලා මුදලාලි ලෙසත් සලක ගුරු 2 හි පොඞ්ඬේ ගුරුන්නාන්සේ ලෙසත් මේ දිනවල කරලියට ආ අපේ රටේ ජනපි‍්‍රය කලාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යන් මේ දරුණු වසංගතයේ ආසාදිතයකු බවට පත්වුණා.

ඉතිං පසුගිය දවසක අප ඔහුට කතා කළේ ඔහුගේ සුවදුක් දැනගැනීමටයි. ඒ වේලාවේ ඔහු අපට කීවේ ඇඟ කිළිපොළා යන කතාවකි. මේ කතාව අපි ඔයාලට කියන්න හිතුවේ එහි ඇති භයානකත්වය ඔබත් දැන ගැනීම ඉතාමත් කාලෝචිත නිසාය. එහෙමත් නැතිව මේ කතාවෙන් ඔහුවත් අපටත් වෙනම මාර්කට් එකක් හදාගැනීමට වුවමනාවක් ඔහුගේවත් අපේවත් තුන් හිතක නොමැති නිසාය. මේ නිසා අපි ඔහු ගේ හඬ අවදි කළේය. අපි ඔහුට අතරමැදින් ප‍්‍රශ්න අසා බාධා නොකළේ මේ කතාවට පැහැදිලිවම බාධාවක් වුණොත් අපේ උත්සාහයේ ප‍්‍රතිඵලය අපතේ යයි කියා සිතාය. මොකද මේ කතාව කියවා ඔබටත් ජීවිතය ගැන වටිනාකම මෙන්ම පරිස්සම ගැන යමක් දැනගත හැකි නිසාමය.

මේ වෛරසය මට හැදෙන්න කලින් මම විවිධ ආයතනවලට සහ විවිධ දේශපාලනඥ හිතවතුන්ට වගේම දේශපාලනයට සම්බන්ධ කලාකරුවන්ගෙන් ඉල්ලීමක් කළා විශේෂයෙන්ම මේ එන්නත් ලබාදීම කලාකරුවන්ටත් ඉක්මණින් ලබාදෙන්න කියලා. මොකද ඔවුන් තමයි මා දන්නා තරමින් එකම රැකියාව මාස්ක් එකක් පළඳින්නේ නැතිව කරන. රඟපානවා කියන කාරණයට මුව ආවරණයක් නොපැළඳ තමයි රඟපාන්න වෙන්නේ. අනෙක් වෙලාවට දැම්මත් රඟපාන වෙලාවට නළු නිළියන්ට දාන්න බැරි වෙනවා.

ඉතිං වැඩි අවධානයක් තියෙන්නේ නළු නිළියන්ට කියලා හිතනවා. ඒත් එක්කම නළු නිළියන්ට විවිධ අවස්ථාවලදී ලැබෙන පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මේ රෝගය හැදෙන්න ඔන්න මෙන්න තියෙද්දීත් මාත් එක්ක සෙල්ෆි ගහපු අය ඕනෑ තරම් ඇති. මම ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ කාලය ඒකට හොඳ කාලයක් නෙමෙයි කියලා. අපි දුරින් ඉන්න ඕනෑ කියලා. නමුත් ඒ වෙලාවට ඔවුන් හිතන්නේ අපි ඔවුන්ව ප‍්‍රතික්‍ෂේප කරනවා කියලා. එතකොට ඔවුන් අපි කෙරෙහි වෛරයක් ඇති කර ගන්නවා. සමහර අවස්ථාවලදී මට එවැනි ප‍්‍රතිචාර දක්වලත් තියෙනවා. විශේෂයෙන් නළු නිළියන් සහ ගායක, ගායිකාවන් කියන පිරිස මේකට ගොදුරුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

දැන් ඉතිං මම මුලින්ම කියන්නම් කෝ මගේ වැඬේ පටන්ගත්තු විදිහ. ගොඩක් අය මගෙන් කතා කර කර අහනවා කොහෙන්ද මේක ආවේ. කොහොමද හැදුණේ. මොකක්ද ඇතිවෙච්ච දේවල්. පසුගිය දවස්වල මම කතා කර කර හැමෝටම කියනවා මම හිතන්නේ හැමෝම මේක අහන්නේ හැමෝටම මේක ප‍්‍රයෝජනවත් ඇති. මට මේක ආවේ කොහෙන්ද කියලා මටවත් හිතාගන්න බෑ.

මට මේ වෛරසය ආසාදනය වෙන්න කලින් තැන් දෙකක රූගතකිරීම් වලට ගියා. නමුත් ඒ දෙකේ කොහේවත් මා දන්නා තරමින් කොවිඞ් 19 හැදුණු රෝගියෙක් හිටියේ නැහැ. ඉතිං මට කිසිම සැකයක් නැහැ. එහෙම තැනකින් හැදුණා කියලා. විශ්වාස කරන්නත් බැහැ. ඉතිං කොහෙන්ද හැදුණේ කියලා මට හිතාගන්නත් බැහැ. මමත් නිරෝගී පුද්ගලයෙක් කියලා හිතලා සාප්පු සංකීර්ණවලට, වෙළෙඳසල්වලට යනවා. ඒ වගේ තැනකදී හැදුණාද කියන්න මම දන්නේ නැහැ. මම මාත‍්‍රා දෙකම ගත්තු නිතර අතසේදීම සිදුකරන වගේම සෑම ගනුදෙනුවකදීම අත් විෂබීජහරණය කරන පුද්ගලයෙක්. සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදපු කෙනෙක්. ඒ සියල්ල සිද්ධ කළත් මම හිතනවා කිසියම් මොහොතක මගේ අතින් යම් කිසි අතපසුවීමක් සිදුවෙන්න ඇති කියලා. මාත් නොදැනම ඒක තුළින් මට බෝවෙන්න ඇති. එහෙම නැතිව මම කිසිම පුද්ගලයෙක් ළඟින් ආශ‍්‍රාය කරලා හැදුණා කියන්න මට විශ්වාසයක් නැහැ. ඔය ඇදුණේ කොහෙන්ද කියන ප‍්‍රශ්නයට උත්තරය.ඊළඟට මගෙන් අහන්නේ මුලින්ම දැනුණේ මොකක්ද කියලා.

මට මුලින්ම දැනුනේ හෙම්බිරිස්සාවක් වගේ දෙයක්. ඒක මට සාමාන්‍යයෙනුත් හැදෙනවා. මට කොහොමත් පීනසය තිබ්බා. ඒකයි මගේ වයසටත් කලින් තට්ටය ඇවිත් තියෙන්නේ. නමුත් මම අවුරුදු 19 ඉඳලා ගිරාඳුරුකෝට්ටේ රස්සාව කරන කාලේ විල්ලත් එක්ක හිටපු මනුස්සයෙක්. මට එහෙදී තමයි පීනසේ හැදුණේ. කොළඹ රැකියාවට ආපු වෙලාවේ ඒක නැතිව ගියා. මේ හෙම්බිරිස්සාවත් මම ඒ වගේ වෙන්න ඇති කියලා එච්චර ගණන් ගත්තේ නැහැ. ඊට පසුවදා මට බඩඑළිය යෑමක් සිද්ධ වුණා. නිතර කඩවලින් කන හින්දා ඒකත් එච්චර ගණන් ගත්තේ නැහැ. එතැනිනුත් පස්සේ මට ඊළග දවසේ රූපගත කිරීමකට නුවර යන්න තියෙන නිසා බඩු පැක් කරලා උදේ රැවුල කපන්න ගත්තා. රැවුල කපන්න ගත්ත ආෆ්ටර් ෂේව් එක ගන්න කොට ඒකේ වෙනදා එන සුවඳ මට පොඞ්ඩක්වත් ආවේ නැහැ. පස්සේ බිරිඳටත් කතා කරලා කියලා කපුරු බෝල හඳුන්කරු වගේ දේවල් ඉම්බා. නිතර සුවඳ දැනෙන දේවල් ආග‍්‍රහණය කරලා බැලූවා. සුවඳ එනවද නැහැ. ඊට පස්සේ මම බිරිඳට කිව්වා මංගලිකා වැඬේ හොඳ නැහැ වගේ හවස රූගත කිරීමකට යන්න තියෙනවා. ඒ යනකොට එක වාහනයේ යන්න තියෙනවා. ඒක හොඳ නැහැ. මම මේක චෙක්කර ගන්න ඕනෑ කියලා ජයවර්ධනපුර රෝහලට ගියා.

රෝහලේ විශාල පෝලිමක් තිබුණා. ටික වෙලාවක් යනකොට මට මුලින්ම කෝල් එක ආවේ අපේ මනමාලන්ගෙන් (කෝකිල පවන්) මාමේ කොහේද ඉන්නේ ප‍්‍රශ්නයක්ද කියලත් ඇහැව්වා. මම ඇහැව්වා කොහොමද ඔයා දන්නේ කියලා. නැහැ ඔතැන ඉන්න කෙනෙක් මට කතා කරලා කිව්වා මෙන්න ගිරිරාජ් කෞෂල්‍ය ඇන්ටිජන් කරන්න පෝලිමේ ඉන්නවා කියලා.

ඊට පස්සේ පැයක් විතර යනවා ප‍්‍රතිඵල එන්න. ඉතිං එතැනදී කෑගහලා කියනවා පොසිටිව්ද නැතිද කියලා. මම නම කියලා ඉස්සරහට ගියහම ඔයාට පොසිටිව් කියලා කිව්වා. පොසිටිව් වෙන කට්ටිය වෙනම තැනකට යන්න තියෙනවා. මට එතනට යන්න කිව්වා. ඊට පස්සේ තමයි රිපෝට් එක ගෙනත් දෙන්නේ. පස්සේ මම එතැනට ගිහිල්ලා බිරිඳට දුරකථන ඇමතුමක් අරගෙන කියන්න ඉස්සෙල්ලා ආපහු කෝකිල පවන් කතාකරනවා. මාමේ පොසිටිව් නේද කියලා. ඒ කියන්නේ පවුලට කියන්නත් කලින් මනමාලන් දන්නවා. මම පොසිටිව් කියලා. ඒ තරම් මාධ්‍ය හරි ප‍්‍රබලයි. එතැන හිටපු එයාගේ හිතවතෙක් එයාට කතා කරලා කියලා. පවුලට කියන්නත් කලින් ලෝකයා දන්නවා. මට වෙන දේවල්. ඒකත් හරි සන්තෝෂයි.

එතැන් සිට මම ආරක්‍ෂාකාරී පිළිවෙත් සියල්ල අනුගමනය කළා. පී.එච්.අයි. මහත්මයා කතා කළා. වෛiවරයා නිතර කතා කළා. දවස් කීපයක් යනකොට බිරිඳටත් රෝග ලක්‍ෂණ මතුවුණා. එයාගෙත් පී.සී.ආර්. එකක් කළා. ඒකත් පොසිටිව් වුණා. තව දවස් දහයක් විතර ඉදිරියට තියෙනවා අපේ කාලය අවසන් වෙන්න.

කොහොමත් මට මුලදී ලොකු අමාරුකම් ආවේ නැහැ. නමුත් පුංචි පුංචි හුස්ම ගැනීමේ අපහසුතා, ඇඟ රිදෙන ඒවා. රස දැනෙන්නේ නැති ඒවා. කතා කරනකොට හතිය වගේ එන ඒවා උණ ගැනීම් පවා ආවා. නමුත් ඒවා දැඩිලෙස කම්පනයට පත්කරන වගේ දේවල් වුණේ නැහැ. ඊට අමතරව මගේ දුවලා දෙන්නට සම්බන්ධ වෛiවරු ඇතුළු ගොඩක් වෛiවරු කතා කළා. විශේෂයෙන් මගේ දුවලා දෙන්න සහ මගේ බෑණලා දෙන්නා මට ලොකු ශක්තියක් වුණා. මගේ ඥාතී පිරිස් වගේ හැමෝම කතා කළා. බිරිඳගේ ඥාති පවා ගොඩක් උදව් කළා. එදා ඉඳන් අද දක්වා අපේ නෝනා තවම වළ`දක් ලිපේ තිබ්බේ නැහැ.

තවත් කාරණයක් තියෙනවා. අසනීප වෙලා ඉන්න කාලය තුළ සමහර දුරකථන ඇමතුම්. ඉතිං ටිකක් කතා කරන්න අපහසුවෙන් හුස්ම ගන්න අපහසු කෙනකුගෙන් දිගටම ප‍්‍රශ්න කරන කොට ටිකක් අපහසුයි. පසුගිය දවස්වල මම දුරකථනය අතහැරියා. ඒක කට්ටියක් කතා කරලා අහන්නේ කාගෙන්ද මේක හැදුණේ කියලා. මම ඇහැව්වා මොකටද ඒක හොයන්නේ කියලා. තව සමහරු කරන්න තියෙන ගොඩක් දේවල් කිව්වා. දුම් අල්ලන්න ගොඩක් ජාති, ගොඩක් බෙහෙත් ජාති කියනවා. ආදරයට තමයි හැමෝම කියන්නේ. මම මේ ලෙඩ වෙන අයගෙනුයි එහෙම කතා කරන අයගෙනුයි ඉල්ලා සිටින්නේ ඒ ගැන චුට්ටක් කල්පනා කරලා බලලා කියන්න. මොකද එක පුද්ගලයකුට මේ සියල්ල කරන්න බැහැ. කරන්න හොඳත් නෑ. ඊළඟට මේකෙන් වෙන ලෙඩ මතුවෙන්න පුළුවන්. අපේ පෙනහැල්ලට ඕනෑවට වැඩිය දේවල් කරලා කොරෝනා සනීප වෙයි. එතැනින් පස්සේ වෙනදේවල් මොනවද කියන්න දන්නේ නැහැ. මම මේ පෞද්ගලිකව හිතන දේ. හැමෝම දෙන උපදෙස් පිළිපදින්න එපා. විශ්වාසවන්ත වෛiවරු ලබාදෙන උපදෙස් පමණක් පිළිපදින්න. මේකට බයවෙන්න එපා. ලෙඬේ ගැන ගණන් ගන්නේ නැතිව මේක අතහරින්න එපා. මේක අතහරිනවා කියන්නේ තමන් ජීවිතය අතහරිනවා වගේ වැඩක්. නිව්මෝනියාවට ආවොත් වැඬේ සීරියස්. අපිම තමයි මේ කටයුත්ත කරන්න ඕනෑ. මේක දැන් අපිට කොහොම හැදෙනවාද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.

සමාජගත වෙලා තියෙන මේ ලෙඩෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. තමන්ගේ පුංචි දරුවන් ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න. තමන්ගේ වැඩිහිටියන් ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න. තමන්ගේ වගකීම මේ වෙලාවේ හරියට ඉටුකරන්න. මම වැක්සින් දෙකම ගත්ත හින්දා වෙන්න ඕනෑ මට මේ තරම් සංකූලතා ආවේ නැත්තේ. දැනටත් එන්නත නොගත් මම දන්න තරුණ පිරිස් ගොඩක් ඉන්නවා. වැක්සින් එක තවම ගහගන්න බැරිවුණා කියන කට්ටිය ඉන්නවා. දිවා ? නොබලා හමුදාවේ මහත්වරුන් සෞඛ්‍ය අංශයේ මහත්වරුත් දැන් වැක්සින් එක ගහනවා. පුදුම විදිහට මහන්සිවෙලා මේක කරනවා. ඒ නිසා තමන්ගේ යුතුකම තමයි වැක්සින් දෙකත් ගහගෙන සෞඛ්‍යාරක්‍ෂිතව ඉන්න එක.

මේකට මුහුණපෑවොත් තමයි දන්නේ ඒකේ තියෙන භ යානක තාවය හා අපහසුතාව. මේ මොහොතේ තමන්ට කරන්න තියෙන වගකීම තමයි අනිවාර්යයෙන්ම එන්නත ලබාගෙන සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම. අනික කවුරුත් හැංගෙන්න එපා.

දැක් මටත් ඕනෑනම් තිබුණා පැනඩෝල් දෙකක් බීලා ආපහු නුවර යන්න. මම නිකං හරි එහෙම ගියානම් එතන ඉන්න අධ්‍යක්‍ෂවරයාගේ සිට සියලූ දෙනාටම මම රෝගකාරකයෙක් වෙලා පතුරවලානේ එන්නේ. කී දෙනෙක් අමාරුවේ වැටෙනවාද? එහෙම වෙච්ච නිසානේ අපේ රට මෙතරම් පීඩාවට ලක්වෙලා තියෙන්නේ. අපේම අතපසු වීම් තුළින්.

ඒ නිසා ආත්මාර්ථකාමී වෙන්න එපා. තමන් නියම ආදර්ශමත් පුරවැසියෙක් විදියට තමන්ගේ වගකීම හරියාකාරව ඉෂ්ට කරන්න කියලා හැමෝගෙන්ම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

නාඩගම්කාරයෝ සහ සකලගුරු කියන නිර්මාණ දෙක හරහා මට මේ දවස්වල ඉහළ පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙනවා. හැබැයි මට දැන් මේ මොහොතේ හිතෙනවා මේවා රූපගත කරන්න තියෙන අවස්ථාවන් පුළුවන්ද බැරිද කියන තැනට අපි මුහුණපාගෙන යනවා. මේ රූගත කිරීම් බලන්න විවිධ පිරිස් එනවා. ඔවුන්ට මතක නැහැ දැන් අපේ රටේ වසංගතයක් තියෙනවා කියලා. මේ මොහොතේ ඉඳලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා අතේ දුරින් ඉඳලා ආදරය කරන්න කියලා.

කුකුලා මුදලාලිටයි, පොඞ්ඬේ ගුරුන්නාන්සේටයි ආදරය කළාට වෛරස් එක අපි කාටවත් ආදරය කරන්නේ නැහැ. වෛරස් එකට අපි කවුරුත් එකයි. ඒ නිසා එයාගෙන් පරිස්සම් වෙන්න ඕනෑ. අපි මොන තරාතිරමේ හිටියත්.

දිනේෂ් විතාන