මුරලි නොකියූ කතාවක් හෂාන් තිලකරත්න හෙළි කරයි

7063

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර 2015 දී සිය ක්‍රිකට් දිවිය සමුදීමෙන් අනතුරුව විශාල විදෙස් පුහුණුකරුවන් පිරිසක් මෙරටට පැමිණි බව හෂාන් තිලකරත්න මහතා පවසා සිටිනවා.

ඒ අතර මෙරටට පැමිණි සයිමන් විලිස් නම් පුහුණුකරුවෙකු මෙරට ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත පැමිණි බවයි. 

එහිදී හෂාන් තිලකරත්න මහතා පවසා සිටියේ“අපිට ඒ කාලේ හයි ෆොමන්ස් සෙන්ටර් එක තිබ්බේ වැඩ බිමක් වගේ තිබ්බේ” යනුවෙනි.

එකළ එම මධ්‍යස්ථානය හරහා පැවැත්වූ විශාල පුහුණු සැසි ප්‍රමාණයක් සංඛ්‍යාවක් එහි අධ්‍යක්ෂකවරයා ලෙස පැමිණි විදේශකයෙකු වන සයිමන් විලිස් විසින් එක් රැයකින් නවතා දැමූ බවද හෂාන් තිලකරත්න මහතා හෙළි කර සිටියා.

අද වන විටත් මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ට ආදේශ කළ හැකි ක්‍රීඩකයන් නිර්මාණය කරගැනීමට ඒ නිසා නොහැකිව තිබෙන බවද ඒ මහතා පවසා සිටියා.

“විදේශිකයන් ආවාම එයාලාගේ ලැප්ටොප් එකේ ලස්සන පෙන්නවා මේ ප්‍රසන්ටේෂන්… ප්‍රසන්ටේෂන් දැක්ක ගමන් අපේ අයත් සම්පුර්ණයෙන්ම රැවටෙනවා.. රැවටිලා එගොල්ලොන්ව රැකියාවට ගන්නවා.. හැබැයි එයාලාගේ ප්‍රයෝගික දැනුම, මැදට ගිහිල්ලා අපි ළමයෙකුට මොනවා හරි උගන්වන කොට ඒගොල්ලෝ පස්සෙන් ඇවිල්ලා අහනවා කරුණාකරලා ඕක ඉංග්‍රීසියෙන් අපිට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්ද කියලා..ඉතින් එයාලා ඇවිල්ලා අපෙන් ඉගෙන ගෙන යන එකක් තමයි මං දැක්කේ අන්තිම අවුරුදු කිහිපයේ දී… ” ලෙසින්ද හෂාන් තිලකරත්න මහතා හෙළි කර සිටියා.

මෙරට පැමිණි සමහර භෞත චිකිත්සකවරුන් බැන්ඩේජ් එකක් පවා දමන්නට නොදන්නා අය බවත්, ඔවුන් බැන්ඩේජ් දැමීමට ගොස් ක්‍රීඩකයන් ආබාධයට ලක් වුණු අවස්ථාවන් ඇති බවද හෂාන් තිලකරත්න මහතා සඳහන් කළා.

“සමහර කොටස් ඉන්නවා කාලෙන් කාලෙට මතු වෙනවා ක්‍රිකට්වලට ආදරෙයි කියලා පෙන්නලා ඇවිල්ලා තිබ්බ තැනටත් වඩා විනාශ කරලා යන කාලයක්.. මං මේක කාලයක් තිස්සේ දැක්ක කෙනෙක්.. සමහර අය එක පාරටම එළියේ ඉඳලා ඇවිල්ලා ක්‍රීඩාව දියුණු කරනවා කියලා පෙනුම් කරාට ඒක එහෙම වෙන්නේ නෑ.. මට පෙන්නේ ඒගොලොන්නව අමනූෂ්‍ය බලවේගවලින් ඇවිල්ලා ක්‍රීඩාව විනාශ කරන්න එන අය වගේ..” යැයි පැවසූ හෂාන් තිලකරත්න මහතා සඳහන් කර සිටියේ අද ඇති එකම වගකීම මෙලෙස එන අය හඳුනා ගැනීම බවයි. එසේ නොමැති වුවහොත් තවදුරටත් අපට රැවටීමට සිදුවනු ඇති බවද හෂාන් තිලකරත්න මහතා පවසා සිටියා.

ඔහු මේ බව වැඩසටහනකට එක්වෙමිනි.