මුරලි,තෙන්ඩුල්කාර්,ලාරා ඇතුළු ප්‍රබලයන් නැවතත් ක්‍රිකට් පිටියට

232

ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන් වන මුත්තයියා මුරලිදරන්,සචින් තෙන්ඩුල්කාර්බ්‍රයන් ලාරා වැනි ක්‍රීඩකයන් නැවත වරක් ක්‍රිකට් පිටියේ දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී ඇත.එම ක්‍රීඩකයන් මාර්තු මස 2වනදා සිට 21වනදා දක්වා රායිපූර්හිදී පැවැත්වෙන Road Safety ලෝක ශූරතා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

පසුගිය වසරේ පළමු වරට පැවති තරගාවලියේදී ක්‍රීඩා කිරීමට හැකිවූයේ තරග හතරක් පමණි. කොවිඩ් අවධානම හේතුවෙන් එම තරගාවලිය අතහැර දැමීමට සිදුවිය. එම තරගාවලියේ ඉතිරි තරග 65000 පමණ ප්‍රේක්ෂක ධාරිතාවයකින් යුතු රායිපූර්හි Shaheed Veer Narayan Singh ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව තරගාවලි සංවිධායකයන් ප්‍රකාශ කොට ඇත.

මුත්තයියා මුරලිදරන් ,තිලකරත්න ඩිල්ෂාන්,සචින් තෙන්ඩුල්කාර්,විරේන්ද්‍ර ශෙවාග්,බ්‍රයන් ලාරා,බෙට් ලී වැනි ක්‍රිකට් පිටියේ දැවැන්තයන් සොය රටවල් නියෝජනය කරමින් තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.ශ්‍රී ලංකාව,ඉන්දියාව,ඕස්ට්‍රේලියාව,බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව මෙම තරගාවලියට එක් වෙයි.රටේ මාර්ග ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කෙරිණි.