මුදල් අමාත්‍ය ධුරය නැතිනම් බැසිල් පාර්ලිමේන්තු නොඑන ලකුණු

676

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් ඊයේ (03) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් බැසිල් රාජපක්ෂ මහතාත් අතර පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙහිදී ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ගැටළුව වී ඇත්තේ ආර්ථිකය ගොඩගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාම පැමිණිය යුතු බවට බැසිල්වාදීන් නඟන හඬ ඔස්සේ මෙතෙක් රටේ ආර්ථිකය හැසිරවූ ඒ දෙදෙනා අසාර්ථකය යනුවෙන් විපක්ෂය නඟන චෝදනාව තහවුරු වන තත්වයක් උද්ගත වීමයි.විශේෂයෙන් ජනාධිපතිවරයාගේ සමීපතමයින් පෙන්වා දී ඇත්තේ මේ හරහා විපක්ෂය ගෙනගිය “ස’ ෆේල්” නම් ප්‍රචාරණ ව්‍යාපාරයට පදනමක් වැටෙන බවකි.

අනෙක් අතට මුදල් අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම අත්හැරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද කැමැත්තක් දක්වා නොමැති බවත් වාර්තා විය.

මේ සියල්ල හමුවේ බැසිල් රාජපක්ෂ මහතා කිසිදු අදහසක් නොදැක්වීම නිසා සාකච්ඡාවේදී අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන්.