මුතුහෙට්ටිගම, ඩිල්ෂාන් සහ අර්ජුන් කමලනාත්ට ගාල්ලෙන් නාම යෝජනා නැහැ.

468

මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන්, සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත් හා එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගමට නාම යෝජනා ලැබි නැති බව වාර්තා වනවා.

හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග වදින බව මාධ්‍ය හමවුක් පවත්වාප්‍රකාශ කොට තිබුණා. එමෙන්ම සිනමා නළු අර්ජුන් කමලනාත්ද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ ගේ ආරාධනයෙන් මෙවර මහමැතිවරණයේදි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින බව සදහන් කළා.

තිලකරත්න දිල්ෂාන් හා අර්ජුන කමලනාත් ඉදිරි මහමැතිවරණය ඉලක්කකොට ගෙන ගාල්ල දිස්ත්‍රික්කය තුල මැතිවරණ ප්‍රචාරක කටයුතු ද ආරම්භකොට තිබුණා.

බද්දේගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගමටද නාම යෝජනා හිමිවි නැත. නිශාන්ත මුතුහෙට්ටිගම හිටපු මන්ත්‍රීවරයාද ඉදිරි මහමැතිවරණය ඉලක්කකරගෙන පක්ෂ ක්‍රියාකාරීන් හමුවෙමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භකොට තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අද (17) ගාල්ල දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාරදෙනු ලැබු අතර එම නාම යෝජනා ලැයිස්තුවේ මෙවුන් තිදෙනාගේ නම් සදහන් ව නොතිබු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.