මුඛ ආවරණ 3ක් සොරකම් කළ පුද්ගලයෙකු ලන්ඩන් නුවරදී අත්අඩංගුවට..!

178

රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත. මෙම දඬුවම නියම වී ඇත්තේ 34 හැවිරිදි ලෙරුන් හුසේන්ටය.

ඔහු ලන්ඩනයේ ‘කින්ස් කොලේ රෝහලෙන්’ ඉකුත් ඉරිදා මුඛ ආවරණ තුනක් සොරකම් කර ඇත. එම සොරකමට වැරැදිකරු තමන් යැයි හෙතෙම ලන්ඩන් මහේස්ත්‍රාත් උසාවියේදී පිළිගෙන ඇත . අධිකරණ නියෝග කඩකිරීමත් රෝහලකින් සොරකම් කිරීමත් යන චෝදනාවලට සැක කර හෙතෙම අත්අඩංගුවට ගැනිණි.

මේ අතර රෝහලේ තිබූ එකම මුඛ ආවරණ පෙට්ටිය සොරකම් කර ඇති බවත් එය නැවත ගෙනැවිත් දෙන්නැයි ද වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබිණි. මෙම සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව පොලිසිය සඳහන් කළේය. වසංගතය ව්‍යාප්ත වීමත් කොරෝනා වයිරසයට සම්බන්ධ සිදුවීම්වලට පුද්ගලයන් කිහිපදෙනකුම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

කෙළ ගසා පොලිස් නිලධාරීන්ට බෝ කරන බවට තර්ජනය කළ පුද්ගලයකු උතුරු ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය .