මීලග ජනාධිපතිවරණ වෙන සඳහා පොදු අපේක්ෂකයින් කිසිවකු ඉදිරිපත් කරන්නේ නැති බව සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පොදු අපේක්ෂකයන් ජනාධිපතිවරණයේදී යොදාගැනීම හේතුවෙන් ඉතිහාසයේ අත් විඳින ලද තත්වයක් නැවත සිදුනොවන බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ දැරණියගල ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය අමතමිනි.