BREAKING NEWS
Search

මිකී ආතර් සහ ලහිරු තිරිමාන්නට කොරෝනා ආසාදනය වෙයි

320

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ (02) දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

Ada Derana