මැලේසියාව සහ පිලිපීනයත් වසා දමයි – සියලු ආගමික, ක්‍රීඩා, සමාජ හා සංස්කෘතික කටයුතු තහනම්.!

173

මැලේසියාවේ පදිංචිකරුවන්ට විදෙස් ගතවීම තහනම් කර ඇති අතර විදේශීය සංචාරකයින්ට සහ අමුත්තන්ට රට තුළට ඇතුළුවීම තහනම් කරන බව රජයේ බර්නාමා ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

මෙම නියෝගය බදාදා (18) ආරම්භ වන අතර මාසය අවසානය දක්වා බලපැවැත්වනු ඇත.

සියලු ආගමික, ක්‍රීඩා, සමාජ හා සංස්කෘතික කටයුතු තහනම් කර ඇති බව බර්නාමා වාර්තා කරයි.

සිල්ලර වෙළඳසැල් හැර අනෙකුත් සියලුම ව්‍යාපාරික ස්ථාන වසා තබන අතර මෙම මාසය අවසන් වන තුරු පාසල් වසා තබනු ඇත.

සියලුම ආගමික, ක්‍රීඩා, සමාජීය හා සංස්කෘතික කටයුතු තහනම් කිරීම ඇතුළුව “සංචාරය සහ මහජන රැස්වීම් සඳහා පුළුල් සීමා කිරීමක්” මෙම නියෝගයට ඇතුළත් බව රජයේ බර්නාමා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් සහ දෛනික අවශ්‍යතා අලෙවි කරන වෙළඳසැල් හැර අනෙකුත් සියලුම ව්‍යාපාරික ස්ථාන වසා තැබෙනු ඇත.

ජලය සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන හැර රජයේ බොහෝ පරිශ්‍රයන් වසා දමන බව බර්නාමා වාර්තා කරයි. සියලුම අධ්‍යාපන ආයතන ද මාසය අවසානය දක්වා වසා තබනු ඇත.

පිලිපීනයත් ලොක්ඩවුන් කරයි..!

පිලිපීනයේ, රටෙන් අඩක් – මිලියන 50 ක් පමණ ජනතාව ප්‍රජානිරෝධායනයකට යටත් කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීනයේ විශාලතම හා වඩාත්ම ජනාකීර්ණ දූපත වන ලුසොන් වසා දමා ඇත. සියළුම පොදු ප්‍රවාහන කටයුතු අත්හිටුවා ඇති අතර නිවැසියන්ට තම නිවෙස්වලින් පිටව යා හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා පමණක් බව ද පැවසේ.

එරට කාර්යාල වසා දමා ඇත. විවෘත කිරීමට අවසර ඇත්තේ සුපිරි වෙළඳසැල් සහ රෝහල් වැනි අත්‍යවශ්‍ය ව්‍යාපාර පමණි.

ප්‍රාදේශීය වේලාවෙන් අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට මිනිසුන්ට අවශ්‍ය නම් දිවයිනෙන් පිටවීමට පැය 72 ක කාලයක් ඇති අතර ඉන් පසු ලුසොන් වෙත සියලුම ගුවන් ගමන් සීමා කරනු ලැබේ.

CNN ඇසුරෙනි