මැතිව්ස් සහ දිමුත් තමා වෙනුවෙන් නවකයින් බිල්ලට දුන් අයුරු මුරලි හෙළි කරයි

3034

තමාට ලැබෙන කොන්ත්‍රාත්තු ගාස්තුව අඩු වන නිසා ක්‍රිකට් ආයතනය සමඟ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමෙන් වැලකීමට ක්‍රිකට් ක්‍රීඩකයින් පසුගිය කාලයේදී කටයුතු කලා.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී හිරු ටිවි සලකුණට සහභාගී වෙමින් ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාද අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ජේෂ්ඨ ක්‍රීඩකයින් සිවුදෙනෙකු විසින් තමන්ට ලැබෙන ආදායම අඩු නිසා නවකයින්වද මෙම තීරණය ගැනීමට පොළඹවාලූ බවයි.

එහිදී ඔහු එම ජේෂ්ඨ ක්‍රීඩකයින් ලෙසට ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිමුත් කරුනාරත්න යන ක්‍රීඩකයින්ගේ නම් සඳහන් කරනු ලැබූවා.