මාළු මිළ දී ගැනීමේ දී අසාමාන්‍ය ලෙස බර වැඩි නම් සැලකිලිමත් වන්න

474

මාතලේ – නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ යතුරු පැදි ආධාරයෙන් අලවි කරනු ලබන මාළු වල අසාමාන්‍ය බර වැඩීවීම් සම්බන්ධයෙන් අනාවරණය වු කරුණු වලට අනුව මාලුන්ගේ බර වැඩීවීමට හේතුව මාලුන්ගේ බඩ ඇතුලට ගල් කැට දමා අලවි කිරිම බව පාරිභෝගිකයෝ කියා සිටිති. විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන මාළු ව්‍යාපාරිකයින් යතුරු පැදි ආශ්‍රිතව මාළු අලවි කිරිම් සිදුකරන බවත් ඔවුන් අතරින් පිරිසක් ලාභ පරමාර්ථ කර ගනිමින් මාළුන්ගේ කුස තුළට ගල් ඇතුළු කර අලවි කරන බව ගම් වාසීන් කියා සිටිති.

 මාළු මිලදි ගැනීමෙන් පසු එම ස්ථානයේ දිම කපා සුද්ද කර ලබාදෙ පිරිසක් ද සිටින බවත්, කැපීමකින් තොරව මාළු විකුණන කිහිප දෙනෙකු මෙම කටයුත්තේ නිරත වන බවත් පාරිභෝගිකයෝ කියා සිටිති. නාඋල, එකේ කණුව හා දෙකේ කණුව,තුනේ කණුව, හාඩුව ආදි ගම්මානවල පසුගිය සති කිහිපයේ දී අදාලපුද්ගලයින්ගෙන් මාළු මිලදී ගත් පිරිස් කියා සිටියේ එක් දිනක පැමිණි මෙම මාළු අලවි කරුවන් යළි තම ප්‍රදේශ වලට නොපැමිණි බවයි. 

විශේෂයෙන් වැවි මාළු අලවි කරන යතුරු පැදි කරුවන් මෙම ක්‍රියාවේ නිරත වන බවත් නාඋල නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක ජංගම අලවි රථ මගින් මෙම කටයුත්ත සිදු නොවන බවත් පාරිභෝගිකයෝ කියා සිටිති. 

මේ සම්බන්ධයෙන් නාඋල නගරයේ මාළු අලවිකරන ව්‍යාපාරිකයින්ගෙන් කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ නාඋලට ආසන්න ජලාශ වලින් අල්ලා ගන්නා මාළු විවිධ කාල වල දී ගම්මාන වලට රැගෙන ගොස් අලවි කරන්නන් සිටින බවයි. ඔවුන් දීර්ඝ කාලීනව මසුන් අලවි කරන්නන් නොවන බවත් ඇතැම් පිරිස් විවිධ මත්ද්‍රව්‍ය ලබාගැනීම සදහා මාළු මෙන්ම විවිධ භාණ්ඩ එක් එක් අවස්ථාවන අලවි කරන්නන් බවයි. කෙසේ වෙතත් කිසියම් භාණ්ඩයක් මිලදි ගැනිමේ දී වගකිවයුතු පුද්ගලයින්ගෙන් එය ලබාගැනීමෙන් මෙවැනි තත්ත්වයන්ගෙන් මිදීමට හැකි බව ද නාඋල මාළු ව්‍යාපාරිකයෝ අවධාරණය කළේය. (නාඋල සමූහ)