මාස 8 ක ළමයෙක් වෙනුවෙන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කළ Maria Andrejczyk

474

පෝලන්ත ජාතික Maria Andrejczyk තමයි “2020-ටෝකියෝ” ඔලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගන්නේ.

ඇයට හිමි වුණු රිදී පදක්කම වෙන්දේසි කිරීමට යන පුවත ක්‍රීඩා ලෝකයේ ලොකු කතාබහක් ඇති කළා.මාස 8 ක් වයසැති Miłoszek Małysa ගේ හදවත් සැත්කමකට මුදල් ලබාදීමේ අරමුණින් තමන් දිනාගත් රිදී පදක්කම වෙන්දේසි කිරීම සිදු කරා.

ඒ ඇමරිකානු ඩොලර් 125,000 කට (රුපියල් ලක්ෂ 250).

මෙවැනිම සැත්කමකට මුදල් නිසි වෙලාවට සොයාගැනීමට නොහැකිව මියගිය Kubus නම් දරුවාගේ දෙමව්පියන් එකතු කරගත් මුදල Miłoszek ට ලබා දුන්නයින් පස්සේ ඉතිරි මුදල හොයාගන්න තමයි Maria මේ අපූරු වැඩේ සිද්ධ කරන්නේ

Maria ගේ මේ ක්‍රියාව අගය කිරීම වෙනුවෙන් ඇයගේ රිදී පදක්කම නැවත ඇයටම ලබා දීමට Żabka ආයතනය තීරණය කරනවා.“කිසි දෙයක් බලාපොරොත්තුවෙන් කිසිම උදව්වක් නොකරන්න.බලාපොරොත්තු නොවී කරන උදව් පෙරළා පැමිණෙන්නේ, බලාපොරොත්තු නොවන පිලිතුරුත් සමගයි…”

උපුටාගැනීමකි!