මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වෙයි.

1506

වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග,අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරග රැසකට එක් නොවන බවයි වාර්තා වන්නේ.මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කෙසේවෙතත්,තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ලසිත් මාලිංග ක‍්‍රිඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.මෙවර අයි පී එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.