නොවෙන ගමනක් ගිය මාරක සෙල්ෆිය

601

ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළ ට ඇද වැටී අතුරුදන්ව වු තරුණිය සොයා සිදුකළ මෙහෙයුම අද (20) දිනයේ දී දෙවන දිනටත් සිදුකෙරිණි.

දිය ඇල්ලේ සැඩ පහර හේතුවෙන් අතුරුදන් වු තරුණිය සෙවීමේ කටයුතු ඊයේ (19) දහවල් තාවකාලිකව නවතා දැමීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට පසුගිය 18 වන දා දහවල් පැමිණ තිබුණි.

පසුව දිය ඇල්ලේ ඉහළ කොටසේ සිට ඔවුන් සෙල්ෆි ඡායාරූප රැගෙන ඇති අතර අතුරුදන් වු තරුණිය පාද සේදීමට ගිය අවස්ථාවේ දී දිය ඇල්ලෙන් පහළට ඇදවැටී ඇතැයි පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමති 19 හැවිරිදි තරුණියක් බවට හඳුනාගෙන ඇත.

අතුරුදන් වු තරුණිය අවසන් වරට සිය මිතුරියන් සමඟ ගත් ඡායාරූපය මෙහි දැක්වේ.