“මායි සීයයි ආසාවෙන් හිටියෙ කෝකිලව දක්ෂ ගායකයෙක් කරන්න” කෝකිල හදාගත් ආදරණීය ආත්තම්මා අම්මා කියු කතාව

517

කෝකිල පවන් ජයසූරිය කියලා කියන්නේ වර්තමානය වන විට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ අද්විතීය ස්ථානයක් හිමිකරගත් දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. මුලින්ම “සිරි රජ සිරි ” චිත්‍රපටිය හරහා ක්ෂේත්‍රයට පැමිණෙන  ඔහු මේ චිත්‍රපටිය නිසා හොදම ළමා නළුවට හිමි සම්මානය දිනාගන්නවා.

කෝකිල ගේ කුඩා කාලය ගැන කතා කරද්දි දෙමවුපියන් අහිමිවීම නිසා ඔහුව හදා වඩා ගන්නේ ආදරණීය අත්තම්මා සහ සීයයි. ඉතින් කෝකිලගේ මේ අපූරු දියුණුවේ ගමන්මග සිටින්නේ නිරන්තරයෙන්ම ඔහු දිරිමත් කරපු අත්තම්ම සහ සීයා කියලා  ඔහු හරි ආඩම්බරයෙන් පවසනවා.

පොඩි කාලේ ඉදන්  දඟ නැති කියන දේ අහන ඉගෙනීමට දක්ෂ දරුවෙක් විදිහට කෝකිලව අත්තම්මා හඳුන්වනවා. ඒ වගේම කෝකිල නිසා අත්තම්මා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියලා ඇය සඳහන් කරන්න මෙහෙමයි.

“කෝකිල පුතා නිසා තමයි මමත් ජනප්‍රිය වෙලා ඉන්නේ. මටයි සීයටයි ඕනෙ වුනේ කෝකිල ගායකයෙක් කරන්න. ඉතින් මම පාරේ ගියත් කියනවා අර යන්නේ කෝකිලගේ ආච්චි කියලා. ඒ තරම් මගේ පුතා ජනප්‍රියයි.”

ඒ ආකාරයෙන් තමයි තමන්ගෙ ආදරණීය මුණුපුරා ගැන කෝකිල ගෙ අත්තම්ම සඳහන් කරන්නේ. ඉතින් කෝකිල පවන් කියන මේ චරිතය මේ ආකාරයෙන් ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ ඔහු විසින් මේ දවස් වල රංගනයෙන් දායකත්වය දක්වන “නාඩගම් කාරයෝ” ටෙලි නාට්‍යයේ “මාලන්” ගේ චරිතය නිසයි. ඉතින් මේ චරිතය නිසා ඔහුට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි.

දක්ෂ ගායන ශිල්පියෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන් කෝකිල ඉදිරියේදිත් ලස්සන නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂකයා ඉදිරියට එනවා කියලා අපිට ආරංචි යි.