BREAKING NEWS
Search

මහ මැතිවරණය කල් දමයි.. දින නියමයක් නෑ..- මැතිවරණ කොමිසම

342

අප්‍රේල් 25 වැනිදා කිසිසේත්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එතැන් සිට දින 14කින් පසු එළැඹෙන දිනකදී මැතිවරණය පැවැත්වෙන බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව මැතිවරණය පවත්වන්නේ මැයි මසද, ජූනි මසද, ජූලි මසදැයි කිව හැක්කේ කොරෝනා වෛරසයට පමණක් බවත් ඔහු පැවසීය.

මැතිවරණය පවත්වන දිනය කවදාදැයි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශයට පත් කරන බවද ඔහු කියා සිටියේය.

අද නාමයෝජනා භාර ගැනීම අවසන් කිරීමෙන් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.