තමන් යළි මැතිවරණ කොමිෂන් සභාවේ සිට මාධ්‍ය සාකච්ජාවක් තැබීමට අදහස් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා.
ඒ,අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ,“සියලු දෙනාට බොහොම ස්තූතියි. මම නැවතත් මෙම ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ” යනුවෙන්.
මහින්ද දේශප්‍රිය මහතා මින් ඉඟි කර තිබෙන්නේ,මෙම මැතිවරණයෙන් පසු ඔහු සිය ධුරයෙන් විශ්‍රාම යන බවයි.