මව රට රැකියාවට ගිය කල,පියා තම දියණිය අඹුකමේ තියාගෙන

988

උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබමින් සිටින දියණියකට ලිං’ගික අතවරයක් සිදු කළේ යැයි කියන පියෙක් ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේ ස්ත්‍රාත් වමිලා රත්නායක මහත්මිය නියෝග කළාය.මෙසේ බන්ධනාගාර ගත වූයේ දඹුල්ල කඩලම කුඩා මහ යාය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තිදරු පියෙකුය.දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි.

පොලිස් පරික්ෂිකා නිලුකා ගයානි විජේ සූන්දර මහත්මිය විසින් සැකකරු සහ සැකකරුගේ බිරිය අදාළ පැමිණිලිකාරිය ලෙස දියණිය ද සමග මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කොට තිබිණි.

පොලීසිය අධිකරණයට කරුණු වාර්තතා කරමින් කියා ඇත්තේ 2020 මාර්තු මාසයේ දිනක මෙම සැකකාර දියණියට ලිං’ගික අතවර කළ බවට පසුගියදා මෙම දියණිය විසින් පොලිසියට කරන ලද ප්‍රකාශයක් අනුව අත්අඩංගුවට ගන අධිකරණයට ඉදිරි පත් කළ බවය.

මෙවර උසස් පෙළ විහා ගය සඳහා සුදානමින් සිටින දියණියට අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමට ඉඩ ලබා නොදීම,අධ්‍යාපනයට උදව් නොකිරීම සහ නිතර නිතර අඩ ට්ටම් කිරීම සිදුකරන බවට මවටද පොලීසිය චෝදනා ගොනු කර තිබිණි.

ඒ අනුව දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා රත්නා යක මහත්මිය දියණීයගේ පියා රක්ෂිත බන්ධනාගාර ගත කොට දැඩි ලෙස අව වාද කොට මවට දියණිය භාර කළ බව පොලිසිය කියයි.උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබමින් සිටි දියණීයක අතුරුදන් වී ඇති බවට පසුගියදා දඹුල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.ඒ අතුරුදන්ව ඇතැයි කියන සිසුවියගේ මව විසිනි.

අතුරුදන් වී ඇති දියණිය ලිපියක් ලියා නිවසින් ගොස් ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වී තිබුණු බව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිප තිනි පොලිස් පරික්ෂිකා නිලුකා ගයානි විජේසූන්දර මහත්මිය පැවසුවාය.අදාළ ලිපියේ සඳහන්ව ඇත්තේ අධ්‍යාප නය සඳහා මවුපියන් සහයෝගය ලබා නොදෙන බවත් සුම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය කිරීමට මවගෙන් සහ පියා ගෙන් බාධා එල්ල වෙන නිසා තමන් අධ්‍යාපන කටයුතු සඳහා නිවසෙන් බැහැරව යන බවත්ය.

මේ පිළිබද දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක එස්.පි.එදිරිසිංහ මහතා ඇතුළු ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධා රින් කණ්ඩායමක් සිදු කරන ලද පරී ක්ෂණයකදී මෙම දැරිය පැවෙහෙර ප්‍රදේශයේ මිතුරියකගේ නිවසේ රැදී සිටින බවට තොරතුරු ලැබී තිබිණි.ඒ අනුව පොලිස් කණ්ඩායමක් මිතුරියගේ නිවසට ගොස් මෙම දැරිය පොලීසියට කැඳවා පැමිණිල්ලට අනුව ප්‍රශ්න කළ බව පොලීසිය කියයි.

එහිදී දියණිය සඳ හන් කොට ඇත්තේ තම මව විදේශ විදේශ ගතව සිටි බවත් පියා සහ බාල මලණුවන් දෙදෙනෙකු සමග නිවසේ ජීවත් වූ බවය.පියාගේ දුරකතනයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කට යුතු කළ බවත්ය.

එම අතරතුර වටිඇස් කණ්ඩායම් තුළින් පිරිමි අයෙකුගේ නිරුවත් ඡායා රූපයක් තම ජංගම දුරකතනයට ලැබුණු බවත් එය දුටු පියා අවවාද කිරීම සහ දැඩි ලෙස තරවටු කිරීම් සිදුකළ බවද ප්‍රකාශ කොට තිබේ.

උපුටාගැනීම – දිනමිණ