අන්තර්ජාලය හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරියව අ පයෝජනය කළ හා ඊට අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ අත්අඩංගුවට පත් අය අතර,මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ ව්‍යාපාරිකයෙක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව එම දැරිය අ පයෝජනය කළ සහ ඊට අනුබල දුන් පුද්ගලයින් 21ක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත.
දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට සහය දුන් පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙක් ද ඊයේ දිනයේ අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් තිදෙනා අද (01) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.