මවුපියන්ට එපා වූ දරුවන් බිහිකර රෝහලේම තබා යන්න කාමරයක් – මවගේ තොරතුරු ගන්නෙත් නෑ

269

උපදින දරුවා මහ මග දමා නොයා රොහලේ විශෙෂ වාට්ටුවට ලබා දේන්න – ඔව්න් දරුවන් නැති අම්මෙක්ට මවක් වෙන්න අවස්තාව සලසා දෙයි

මව්පියන්ට එපා වූ දරුවන් විසිකර දැමීම වැළැක්වීම සඳහා සෑම රෝහලකම වෙනම කාමරයක් ස්ථාපිත කරන ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආණ්ඩුවට යෝජනා කර තිබේ.

එවැනි දරුවන් විසිකර දැමීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අධිකාරිය පෙන්වා දෙයි.

රෝහල්වල ඉදිකෙරෙන කාමරයට දරුවා භාර දීමේදී මවගේ තොරතුරු ලබා ගැනීමක්ද සිදු නොකරන ලෙසට යෝජනා කර ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම යෝජනාව ලබා දී ඇත්තේ ළමා සහ කාන්තා කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටය. මේ සඳහා නීති ප්‍රතිපාදන සකස් කළ යුතු බවද පෙන්වා දී තිබේ. තවද පාසල්වල සිදුවන විවිධ සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ‘‘පාසලෙන් – නීතියට’’ යන සංකල්පය යටතේ ලියුම් පෙට්ටියක් සෑම පාසලකම තැබීමටද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

එහිදී පාසල් දරුවන් මුහුණ දෙන විවිධ සිදුවීම්  පිළිබඳ සටහනක් ලියුම් පෙට්ටියට බහාලීමට හැකිය.

සතියකට වරක් එම ලිපි ලබාගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීම අධිකාරියේ බලාපොරොත්තුවයි