මවගේ අවමගුලට දියණියගේ නිවසේ දොර වැසේ -ආගමික කටයුතුත් පාසල් ක්‍රීඩාංගනයේ

466

තම වැඩිමහල් පුතුගේ නිවෙසේ සිටි 81 හැවිරිදි තිදරු මවක් එම වැඩිමහල් පුතුට කොරෝනා ආසාදිත වීම නිසා තම බාල පුතුගේ නිවෙසට ගොස් බාල පුතු ඇතුළු පවුලේ උදවිය සමඟ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී එම නිවෙස තුළදී මව මියයෑමේ සිදුවීමක් මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මළ සිරුර වතුපිටිවල රෝහලට රැගෙන ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදිත වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.පසුව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් දේහය පෙරේදා (12දා) කෝපිවත්ත පාසල් ක්‍රීඩාංගණයට රැගෙනවිත් ආගමික වතාවත් සිදුකර යටියන පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තම මවගේ ආගමික වතාවත් සිදුකිරීම සඳහා දියණිය නිවෙස ලබානොදීම නිසා මෙලෙස පාසල් ක්‍රීඩාංගණයේදී ආගමික වතාවත් සිදුකළ බවයි එම ඥාතීහු සහ ප්‍රදේශවාසීහු සඳහන් කර තිබෙන්නේ.