BREAKING NEWS
Search

මම හෝල්ඩර්ට කිව්වා මට වනිදුට මුහුණ දෙන්න අපහසුයි කියලා

605

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගය අවසන් මොහොතේ ජයග්‍රහණය කරා රැගෙන යාමට ෆේබියන් ඇලන්ට හැකිවිය.ඔහු පන්දු 6කදී හයේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 21ක් රැස්කළේ තරගාවලියේ ජයග්‍රහණයද කොදෙව්වන් සතු කරමිනි.

තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ෆේබියන් ඇලන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4 ලකුණු 13කදී යවා නිම කළේ එක් කඩුල්ලක්ද දවාගනිමිනි.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ෆේබියන් ඇලන් ප්‍රකාශ කොට ඇත්තේ තමා වනිදු හසරංගට එරෙහිව ක්‍රීඩා කිරීමට අපහසු බව ජේසන් හෝල්ඩර්ට පැවසූ බවයි.

”මම හැමදේටම සූදානම් වෙලා හිටියෙ. පවර්ප්ලේ කොටසෙහි පන්දු යැවීමත් එයට ඇතුළත්.මම ජේසන් හෝල්ඩර්ට කිව්වා මට වනිදු හසරංගට එරෙහිව පන්දුවට පහර දෙන්න අපහසුයි කියලා.ඒ නිසා මම ඔහුට කිව්වා වනිදුගේ පන්දු වලට පහර දෙන්න මම අවසන් කරන්නම් කියලා