මම බය නැතුව ක්‍රීඩා කරන්න කැමතියි.ඒ වගේ කණ්ඩායමත් බය නැතුව තමන්ගේ විදියට ක්‍රීඩා කල යුතුයි – කුසල් ජනිත්

256

ශ්‍රී ලන්කා කණ්ඩායමේ නය නායකත්වය හිමිවූයේ කුසල් පෙරේරා හටයි.නව තේරීම් කමිටුව පැමිණීමත් සමගම නවක ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලන්කා කණ්ඩායමට එක්වූ අතර ඒ අතරින් බොහෝ දෙනෙකු සුවිශේශී දස්කම් අතරට එන්නට සමත්විය.ඒ අනුව බන්ගලාදේශ එක්දින තරගාවලියටත් නවක ක්‍රීඩකයින් රැසක් එක්කරගනිමින් කණ්ඩායම නම් කරන්නට තේරීම් කමිටුව පියවර ගත්හ.ඉතින් මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති කුසල් පෙරේරා ඉදිරියට ශ්‍රී ලන්කා කණ්ඩායම ක්‍රීඩා කල යුතු ආකාරය ගැන පලකල අදහස මෙසේයි.

මම බය නැතුව ක්‍රීඩා කරන්න කැමතියි.ඒ වගේ කණ්ඩායමත් බය නැතුව තමන්ගේ විදියට ක්‍රීඩා කල යුතුයි.එතකොට අපට හොද ප්‍රතිපල ලබාගන්න පුලුවන්.මැච් එකක් පරදින්න බයේ අපිට දිනන්න බෑ.බය නැතුව ක්‍රීඩා කරන්න ඕන හොද ප්‍රතිපල ගන්න නම්.කණ්ඩායමේ ස්ථානය ගැන හිතල නෙමෙයි අපි ගහන්න ඕනි බය නැතුව එවෙලෙට කරන්න ඕන දේ කරන්න ඕනි.

මම ක්‍රීඩා කරන්නෙත් එහෙමයි.මට සාර්ථක වෙන්න පුලුවන් වුනේ බය නැතුව ක්‍රීඩා කිරීමෙන්.දැන් අපට ඉන්නේ අලුත් කණ්ඩායමක්.ඔවුන්ගෙන් අලුත් දේවල් අපට බලාපොරොත්තු වෙන්න පුලුවන්.මම ඔවුන්ටත් කියන්නේ බය නැතුව ක්‍රීඩා කරන්න කියලයි.ඒ වගේම තමයි අපි අපේ ශක්තීන් හා දුර්වලතා හදුනාගන්නට ඕනි.අප එල්ල කරන පහර බය නැතුව විශ්වාසයෙන් එල්ල කල යුතුයි වගේම තමයි නිසි තැනට එය එල්ල කල යුතුයි.

මට නායකත්වය දෙනකොට තේරීම් කමිටුව කිවුවේ මම ගොඩක් තරගවල ලකුණු 50 ක් 60 ක් ගහලා දැවී යනවා කියලා.එයාලා කිවුවා අපට ඔයාගෙන් ඕන ඒ ලකුණු 60 ගහල ඒක ලකුණු 100 ක් බවට පත්කිරීම කියලා.මම ඒක පිලිගන්නවා.අපි ආරම්බයක් ගත්තාම ඒක ශතකයක් බවට පත්කරගන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා.කුසල් පෙරේරා මෙලෙස අදහස් දැක්වීය.