“මම අද පිළිකා රෝගියෙක්” – සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන

9603

මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි අතිශය සංවේදී සටහනක් මුහුනුපොතට එක්කර තිබෙනවා.

ඒ ඇය මේ වන විට පිළිකා රෝගය වැලදී ඇති බව සටහන් කරමින්.

“මම අද පිළිකා රෝගියෙක්” ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන 👇

මට ආදරය කරන ,මගේ ආදරණීය ඔබ වෙත,ඔබ වගේම මමත් කිසි දිනක අහන්නට බලාපොරොත්තු නොවුනු ඒ අමිහිරි ආරංචිය සත්‍යයක්.මම අද පිළිකා රෝගියෙක්.
ඒත් මූලික අවධියේ දී ම මගේ රෝගී තත්ත්වය අපේ රටේ දෙවිවරු වැනි වෛද්‍යවරුන් හඳුනා ගත්තා.

මාස කිහිපයක් තිස්සේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මම හොඳින් ඉන්නවා.මගේ ගෙදර අය,ළඟම හිතවතුන් මේ කාලයේ මගේ ළඟින්ම හිටියා.

ඒත්…,මෙවැනි දේ නීරස නිසා මට ආදරය කරන ඔබගෙන් මගේ රෝගී තත්ත්වය මෙතෙක් වසන් කලා.ඒත් හැමදාට ම එය කළ නොහැකියි.
මට ආදරේ කරන ගෞරව කරන ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා සුවපත් කරන බව මට විශ්වාසයි.

ඒත් මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන කිහිප දෙනෙකුත් අපි අතර ඉන්න පුළුවන්.ඒ බව දැනුවත් කරන්නයි මම මෙහෙම ලියන්න හිතුවේ..

මා වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර පහසුවෙන් හා අපහසුවෙන් වූවත් මගේ ගෙදර අය හා ළඟම හිතවතුන්ගේ මැදිහත් වීමෙන් කරගෙන යනවා.

මෙවැනි සංවේදී අවස්ථා පාවිච්චි කරමින් ඇතැමුන් ව්‍යාජ ගිණුම් හරහා මුදල් එකතු කිරීම් කරනවා. එවැනි රැවටීම් වැනි දෑ වලින් ඔබව වැළකීම මගේ යුතුකමක්.

නැවතත් මම ආදරයෙන් සිහිපත් කරන්නේ හැමදේකටම වඩා ඔබගේ ආශිර්වාදය මාව සුවපත් කරාවි…

මම,ඔබේ ආදරණීය සුසන්තා චන්ද්‍රමාලි…🙏🙏