“මමත් ආවා නම් මටත් ඒ ගමන ඔබත් එක්ක එකට යන්න තිබ්බා” සූර්යා සංවේදී වෙමින් කියූ කතාව

952

සූර්යා දයාරුවන් කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරය කරන වගේම මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ එන සුන්දර චරිතයක්. දක්ෂ ගායකයෙක් ද වන සුර්යා දයාරුවන්ට බොහෝ ප්‍රේක්ෂකයින් ආදරය කරනවා. ඉතින් සූර්යා රංගන ශිල්පියෙක් බවට පත් වන්නේ ගායනයට ආවයින් පස්සේ. ඉතින් ගායනය කෙසේ වෙතත් රංගනය නම් සූර්යා වැඩි වැඩියෙන් කරනවා කියලා අපිට පේනවා.

පසුගිය දිනෙක අප අතරින් සමුගත් හයිසින්ත් මහත්මිය වෙනුවෙන් සූර්යා දයාරුවන් සංවේදී වෙමින් ඔහුගේ මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබෙනවා. මේ ගෙන එන්නේ ඒ සටහනයි.

නිවන් සුව ලැබේවා ආදරණීය හයිසින්ත් විජේරත්න මැතිණියනි. දිවිතුරා ටෙලිනාට්‍යයේ මාගේ ආදරණීය ආච්චි අම්මගේ චරිතය රගපා ඔබ කොළඹ එන්න පිටත් වුනා. මමත් ඒ වාහනයේම කොළඹ එන්නට සිදුවුනේ 31 සහ 01 වැනිදා මට රූපගත කිරීම් නැහැ කිව්වට පසුව. ඒත් 2 වැනිදා රූගත කිරීම් තිබෙන නිසා දවස් දෙකම මම හෝටලයට වෙලා සිටීමට තීරණය කර මම ඉන්නම් එහෙනම් ආන්ටි ගිහින් එන්න කියලා මම ආපහු නුවරඑළි එන එක මහන්සි නිසා තමයි මම ආන්ටිට යන්න කියලා මම නැවතුනේ. ඒත් මම කවදාවත් හිතුවෙ නෑ ඔබතුමියට මෙවැනි අකල් මරණයක් සිදු වේවී කියලා. මමත් එදින කොළඹ ආවා නම් මටත් ඔබතුමිය එක්ක එකට ඒ ගමන යන්න තිබ්බා.

එක්කො මම වාහනේ පාලුවක් නැතුව කතා කර කර ආවා නම් රියදුරු මහතාට නින්ද නොයන්නට තිබුනා යැයි මගේ හිතට නැගෙන විට ඊට නොදෙවැනි දුකක් මගේ හිතට දැනෙනවා. පරිස්සමට ගිහින් එන්න කියපු වෙලාවේ ආන්ටි කිව්වේ මම ගෙදරනේ යන්නෙ පුතේ ඔයාලා පරිස්සමට ඉන්නකෝ කියලා. එදින පැය කිහිපයකට පසුව මට දැනගන්නට ලැබුන කණගාටු දායක ආරංචිය මට මාවත් අමතක වෙලා ගියා. රූපගත කිරීමේදී එතුමියගේ පපුවට තුරුළු වෙලා හිටිය මට ඇගේ හදවතේ උණුසුම නැතුව ගිහින් කියලා දැනගත් වෙලාවේ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැරි වුනා. මගේ ආදරණීය හයිසින්ත් මෑණියනි ඔබ කොතරම් සුන්දර හදවතක් තියෙන කෙනෙක්ද ඔබ තුමියට හොද භවයක් ලැබේවායි කියා අප සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. යනුවෙන් සංවේදී වෙමින් ඇසට කදුලක් එන සටහනක් තබා තිබෙනවා.