ම’ද්‍යසාර සහ දුම් බොන අයට කොවිඩ් බලපාන හැටි.

414

ම’ද්‍යසාර දුම්වැටි භාවිතා කරන පුද්ගලයන්ට ඩෙල්ටා වෛරස ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනනවා.

වැඩිදුරටත් ඒ මහතා සඳහන් කරන්නේ දුම් පානය කරන කෙනෙක් නම් එය වහාම නැවැත්විය යුතු බවයි.

එයට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ දුම් පානය නොකරන කෙනෙක්ට වඩා දුම් පානය කරන පුද්ගලයෙකුට කොරෝනා වැළඳීමේ සම්භාවිතාව 14%ගුණයකින් වැඩි බවයි.

එමෙන්ම රෝගය වැළදුනොතින් සංකුලතා ඇතිවී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩි බවත් වෛද්‍යවරයා පවසනවා.

බොහෝවිට දුම් පානය කරන හෝ ම’ත්පැන් පානය කරන අයෙක් නම් එන්නත ලබා ගත්ත ද එන්නත තුළින් ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තිකරණය අඩපණ කරන බවද ඔහු සඳහන් කරනවා