මට වැඩිය මෝඩයෙක් හම්බවුනොත් මන් ජොබ් එකෙන් අයින් වෙනවා – එලෝන්ගෙන් අමුතු කතාවක්

ByPasindu

Dec 21, 2022

ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රැකියාව භාර ගැනීමට තරම් මෝඩයෙකු සොයා ගත් විට තමා ඉල්ලා අස්වන බවයි එලොන් මස්ක් පවසා ඇත්තේ.

මොහු විසින් ට්විටර් මත විමසුමක ප්‍රතිඵලයට අවනත වන බවට කලින් පොරොන්දු වූ අතර, පරිශීලකයින්ගෙන් 57.5% ක් ඔහුට තනතුරෙන් ඉවත් වීමට එකඟත්වය පළ කරමින් ඡන්දය දී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු තවමත් තනතුරේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.