“මට දැන් හොඳයි.. මට අමාරුයි කියලා වෙන කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා තිබුණා..”

218

“හැමෝම වගේ මට හොඳ කියලා ඉක්මණින් 
සුව වෙන්න කියලා දාලා තිබ්බා.. ඒකට සතුටුයි…”

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට කොවිඩ් වෛරසය වැළඳුණු බව රටම දන්න කතාවක්. කොහොම වුණත්, අජිත් රෝහණගේ කියලා ව්‍යාජ ඡායාරූපයකුත් ඔය අතරේ මුහුණු පොතේ හුවමාරු වුණා.

තව බොහෝ දෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන විවිධ අසත්‍ය තොරතුරු මුහුණු පොතේ පළ කරලා තියෙන අයුරුත් අපිට දැක බලාගන්න පුළුවන් වුණා.කොහොම හරි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව සම්බන්ධ කරගත්තා අලුත්ම තොරතුරු දැන කියා ගන්න.

මේ ඔහු අපිට කිව්ව කතාව….

“දැන් මට හොඳයි.. තව දවස් තුන හතරකින් යන්න පුළුවන් කිව්වා.. මට අමාරුයි කියලා වෙන කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා.. හැබැයි හැමෝම වගේ මට හොඳ කියලා ඉක්මණින් සුව වෙන්න කියලා දාලා තිබ්බා.. ඒකට සතුටුයි… තව දවස් තුන හතරකින් හොඳටම සුව වෙලා රෝහලෙන් පිට වෙන්න පුළුවන්..”