මගේ මිනිස්සුන්ට කොරෝනා ‍බෝකරන්න ලංකාවට එන්නෑ මෙහෙම මැරිලා යනවා – කොරියාවේ සොහොයුරා

393

කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙක් කොරෝනා වෛරසය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රකාශ පිළිබඳ සිය අදහස් දක්වා තිබුනේ මෙසේය.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින් කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයින් පිළිබඳ හැඟීම් දැනීම් වලින් තොර ප්‍රකාශ නිකුත් කර තිබෙන බවයි.

තමන් කොරෝනා රෝගයට ගොදුරු වුවහොත් කොරියාවේදීම මියයනු මිසෙක ශ්‍රී ලංකාවට නොපැමිනෙන බවයි ඔහු Videoක් මගින් සඳහන් කරන්නේය.

මක්නිසාදයත් තමන්ටත් ශ්‍රී ලංකාවේ දරුවන් පවුලක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමන් හෝ මෙහි සිටින අනෙකුත් ශ්‍රමිකයින් මෙහෙි කාලය ගත කරන්නේ ඉතාමත් සුව පහසුව නොවන බවත්, එසේ තිබියදීත් ඕනෑම හදිසි අවස්ථාවකදී ශ්‍රී ලංකාවට මුදල් එවන්නේ තම රට පිළිබඳ හැගීමෙන් බවත් ඔහු පවසනවා.