‘මගේ ගාන ටිකක් වැඩී තමයි, සමහර කට්ටිය මගේ ගාන කීය උනත් ගෙවනවා’ රංගන ශිල්පිනී දුශේනි මියුරංගි(Photos)

5168

දුශේනි මියුරංගි සිල්වා කියන්නේ අපේ රටේ සිටින සුරූපීම නිලියන් අතරින් ඉහලම තැනක සිටින කෙනෙක්. එමෙන්ම අපි පසුගිය කාලයක ඇයගේ ලස්සන වීමේ රහස ගැනත් කතාබහ කළා. ලස්සන වෙන්න දුශේනි කරන දේවල් ගැන ඇය කියලා තබුණා. 

රංගනයට වගේම නර්තනයටත් එකසේ දස්කම් දක්වන ඇය හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙලේදි ඇය ඉන්දියානු රංගන ශිල්පී සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග කළ නර්තන අංගය නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය දුෂේනි දිනාගන්න සමත්වුනා. ඒ වගේම දුශේනි කියන්නේ ලංකාවේ වැඩිය ඉන්න කෙනෙක් නෙවෙයි.

ගොඩක් රටවල් වල සංචාරය කරන කෙනෙක්. එකටත් හේතුවක් තියනවා. ඇය තවත් වෘත්තියක නියැලිලා සිටින නිසා විවිධ රටවල් වලට යන්නට ඇයට සිදු වෙනවා. ඊට කලින් අපි කතාකරන්න සුදානම් වෙන්නේ දුශේනිගේ රංගන කටයුතු ගැන තොරතුරු ටිකක්. 

දුශේනිට රංගනයට එන්න මාර්ගය සැදෙන්නේ 2013 අවුරුද්දේ ITN නාලිකාවේ අවුරුදු කුමරිය තරගයට එකතු වීමත් සමඟයි. එහිදී කපිල ලියනගේ කියලා මහත්මයකුගේ මාර්ගයෙන් ලලිත් වසන්තව හඳුනා ගත්තා. ඔහු තමයි දුශේනිට රංගනයට එන්නට මග පෑදුවේ.

කොහොම හරි ඇය රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයක් තුල ප්‍රධාන චරිත පවා රඟපාන්න අවස්තාව උදා වුනා. ඒ දුශේනි සෑම දෙයකටම දක්ෂකම් පාන කෙනෙක් වීම නිසයි. විශේෂයෙන්ම නිලියක් වෙන්න ගොඩක්ම ආසාවක් ඇති වුනේ මිනිස්සුන්ගේ සිත් දිනා ගන්නලු.

“මගේ ටෙලි නාට්‍ය ගැන, රංගනය මිනිස්සු කතා කරද්දී මට සතුටක් දැනෙනවා. අන්න ඒ හින්දයි මං නිළියක් වුණේ”. නමුත් වර්තමානය වෙද්දී කළා නිර්මාණයක් සඳහා දුශේනි ලොකු ගානක් අය කරනවා කියලා දැනගන්න ලැබුනා. ඒ ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක්.

“මගේ ගණන් නම් වැඩි නමුත් මගේ වටිනාකම දන්නා අය ඒක ගැන හිතන්නේ නැ මගේ ගාන ගෙවලා මාව නිර්මාණ වලට ගන්නවා”. අඩු ගණන් වලට මම සාමාන්‍යයෙන් යන්නේ නැහැ. නමුත් වටිනාකම සහ දක්ෂතා ගැන දන්නා අය දුෂෙනිව අරගන්නේ නිර්මානයක ප්‍රධාන චරිතයටලු. ගොඩක් වෙලාවට තමන්ට ලැබෙන්නේ ප්‍රධාන චරිත කියලයි දුශේනි කියන්නේ.

උපුටාගැනීම – කොටුව පත්තරේ

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.