“මගේ අවුරුදු 17 තුල දැකපු හොදම යොවුන් පිතිකරුවා චරිත් අසලංකයි – තනිකර කුමා අයියා වගෙයි”- මාලිංග

5917

සිය වසර 17ක ක්‍රිකට් ජීවිතයේ දුටු හොදම යොවුන් පිතිකරුවා චරිත් අසලංක බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

තවත් වේග පන්දු යවන්නෙක් වන ධම්මික ප්‍රසාද් සමග අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් මාලිංග පවසන්නේ

“පළවෙනි බෝලේ ඒ තරම් ප්‍රෙෂර් එකක් තියෙනවා, ඕනම ප්ලේයර් කෙනෙකුට පළවෙනි බෝලේ ප්‍රෙෂර් එකක් තියෙනවනේ පළවෙනියට බැට් කරද්දි. ඒ වගේ සොලිඩ් ෆෝවඩ් ඩිෆෙන්ස් එකක් ගහපු එකම ප්ලේයර් මගේ අවුරුදු 17ටම මම දැකලා තියෙන. මොකද ඒ ෆෝවඩ් ඩිෆෙන්ස් එක තනිකර කුමාර් අයියා බැට් කරා හා සමානයි. එච්චර විශ්වාසයෙන් මාර සොලිඩ්” යනුවෙනි.

එහිදි අසලංක පිළිබඳව අදහස් දැක්වූ ධම්මික ප්‍රසාද් ප්‍රකාශ කළේ

“මාත් එක්ක කාලයක් ගහපු ක්‍රීඩකයෙක් විදියට SSC කණ්ඩායමේ ඒ ළමයාගෙ තියෙනවා ලොකු හාර්ට් එකක්. ඒ කියන්නේ ගේම් එක කාගෙන ගහන ගතියක් තියෙනවා, අන්න ඒවා තමයි අපිට ඕන. ඒ කියන්නේ කැරැක්ටර්ස් අපිට ඕන මේ වෙලාවේ. මේ චරිත් අසලංක කියන ප්ලේයර් හරිම ස්ට්‍රෝංග් ප්ලේයර් කෙනෙක්, මම දන්නවා ෆේල් වෙලා ඉදලා ක්ලබ් එකේදි, මේ චරිත් අසලංකමයි කිව්වේ මාව එළියේ තියන්න කියලා, මම ෆයිට් කරලා එන්නම් කියලා. එහෙම එළියට ගිහින් ෆයිට් කරලා ආයේ රන්ස් ගහලා තමයි ආයේ ප්ලේස් එක අර්න් කළේ. එතකොට ඒ වගේ ප්ලේයර් කෙනෙක් මාර විදියට මෙන්ටලි ස්ට්‍රෝංග්, හාර්ට් එක ලොකුයි. ඒ වගේ ප්ලේයර්ස්ලා තමයි අපිට ඕන” යනුවෙනි.

එහිදි ලසිත් මාලිංග ප්‍රකාශ කරන්නේ ඔහුට නොම්මර තුන ස්ථානය ලබා දිය යුතු බවයි.

එම අවස්තාවේ වීඩියෝව