BREAKING NEWS
Search

මං නැති කාලෙක චතුර පුතා මගෙ වැඩ ටික කරගෙන යාවි – රාජිත

205

තමන් නැති කලෙක තම පුතා පුත්‍රයා වන චතුර සේනාරත්න තම වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රහස් පොලිසිය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගියේ ලැබී ඇති පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබාදීමට ඔහු පැමිණ තිබිණි.

රහස් පොලිසියේදී සිදු කළ ප්‍රකාශය ගැන මන්ත්‍රීවරයා අදහස් පල කිරීමෙන් වැළකී සිටියේය.