”මං ආදරයෙන් හෙම්බත් වෙලා ඉන්නේ” – විවාහ දිවියට සමු දී තනිකඩව දිවි ගෙවන නදීෂා හේමමාලි

8512

අපේ රටේ ප්‍රකට රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ.

නදීෂා හේමමාලි නිලියක් ලෙස ජනතාව අතරට පැමිණ දිගු කාලයක් ගත නොවුවද ඇය සතු සහජ කුසලතා හේතුකොටගෙන මේ වනවිට සිංහල සිනමාවේ වඩාත් සරාගී මෙන්ම ධනවත්ම නිළිය ලෙස ඇය පත්ව සිටිනවා.

නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය චිත්‍රපටි රැසක රංගන දායකත්වය දැක ගැනීමට හැකි වනවා.

ඒ වගේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක්ද වනවා.

පසුකාලීනව දේශපාලනයට ද එක්වූ ඇය මේ වන විට දේශපාලනය සම්බන්ධයෙන් නම් දක්වන්නේ නිහඬ පිළිවෙතක්.

ගායනයට සහ නිවේදනයටත් දක්ෂතා දක්වන ඇය කලකට පෙර විශාල වියදමක් කර නිෂ්පාදනය කර විකාශය වූ ඇත්කඳ ලිහිණියා නම් ටෙලි නාට්‍යයේ නිෂ්පාදිකාවයි.

පසුගිය දිනවල ඇයට විවිධ මාධ්‍ය ජාලා හරහා නිතර නිතර මඩ පහරවල් වැදී ඇති නිසා දැන් සජීවී සම්මුක පරීක්ෂණවලට පමණක් මුහුණ දෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

වැඩි වශයෙන්ම ඉරජ්ගේ සිල්බින්දගත්ත ගීතය නිසා ඇයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් එච්චර හොඳට ලැබුණු ප්‍රතිචාර නෙවයි.

ඉස්සර ටෙලි නාට්‍ය හරහා ඇයව නිතර ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට හැකි වුණත් මේ වෙද්දි නම් ඇය දායක වෙන නිර්මාණ දැක ගැනීමට නොහැකි තරම්.

ඇය නම් ඒ ගැන කියන්නේ කිසිම ගුණාත්මක බවකින් තොර නාට්‍ය වලට ඇයට ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කිරීම නිසාලු.

විවාහයෙන් ඉවත්ව සිටින නදීෂා ගැන නිතරම කසු කුසු නැගුනෙ ඇය පෙම්වතියක් ද කියලයි.

නමුත් ඒ ගැන හරිහැටි දෙයක් දැනගන්න ලැබුනෙම නැති තරම් ආදරය කියන දේ ගැන නදීෂා ඉන්නෙ ටිකක් හෙම්බත් වෙල කියල ඇය තමන්ගෙ පුවත් පත් සාකච්චා වලින් පෙන්වල දීලත් තිබුන.

ඉතින් ඒ කොහොම නමුත් දැන් ඇය තනිකඩව සුන්දර ජිවිතයක් ගෙවන බවයි ඇය පවසා තිබුනේ.

Ο χρήστης Super Deluxe στο Twitter: "Looove how Nadeesha Hemamali styled  her outfit and I'd like that necklace please.… "
Nadeesha Hemamali - SRILANKAN ACTRESS & MODELSnadeesha hemamali - Album on ImgurNadeesha Hemamali by Dilip Tharanga - ModelsLK