BREAKING NEWS
Search

මංගල තරගයේ දී ප්‍රවීන්ගෙන් විශිෂ්ඨ කඩුලු දවා ගැනීමක්

94

ප්‍රවීන් ජයවික්‍රමගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 251කට සීමා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (1) සමත්වුණා.

මෙම ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් බිඳ හෙළුවා.

එය වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් මංගල තරගයේ දී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීම ලෙසයි.

රමේෂ් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් අතරේ කඩුලු 2 බැගින් ද බෙදී ගියා.

පිතිකරණයේ බංග්ලාදේශය වෙනුවෙන් ටමිම් ඉක්බාල් ලකුණු 92ක් සහ මොමිනුක් හක් ලකුණු 49ක් රැස් කළ අතර,මුෂ්ෆිකර් රහීම් ලකුණු 40ක් රැස් කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා.