මංගල උත්සවවල නැටුම් තහනම්.. නටන්න හැකි මනාල ජෝඩුවට පමණයි..!

201

සෞඛ්‍ය නිර්දෙශ යටතේ මංගල උත්සව පැවැත්වීමේ දී එකිනෙකා අතර ආරක්ෂිත දුරක් පවත්වාගෙන නොහැකි නිසා නර්තනඅංග පැවැත්වීම සුදුසු නැති බව නිර්දේශ කර ඇත.

මංගල උත්සව පවත්වා ගෙන යාම සඳහා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ මේ බව දැක්වෙයි.

ඒ අනුව මංගල උත්සව වලදී නර්තන ඉදිරිපත් කරන නර්තනයේ යෙදීමට අවස්ථාව දිය යුත්තේ මනාලිය හා මනාලයාට පමණක් බව මාර්ගෝපදේශයන්හි දැක්වෙයි.

එසේම අවශ්‍ය නම් උපරිම වශයෙන් පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට අවසර දිය හැකි බවත් එම පිරිස් තමන් විසින්ම හැඩ ගන්වාගත යුතු බවත් එහි සදහන්ය.

මංගල උත්සවවලදී රටබීම පානයට ඉඩ නොතැබිය යුතු බවත් සෑම විවාහ මංගල්‍යයක දී ම සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ නිලධාරියෙකු පත් කළ යුතු බවත් නිර්දේශ කර තිබේ.

මේ සියල්ල නීති රීති වලට අනුකූලව තැබීමට නිර්දේශ කරද්දී ආණ්ඩුවේ දේශපාලකයෙකුගේ අවමන්ගුල් උත්සවයක් රටේ ප්‍රදේශ 5කට පමණ රැගෙන ගොස් සෞඋඛ්‍ය නීති උල්ලංඝනය කිරීමට ඒ අදාල අංශ සිදුකරනේ කුමක්දැයි ජනතාව ප්‍රශ්න කරනවා.

බුදුන් වහන්සේගේ තෙමඟුල සැමරීම නැවතූ රටක, කතෝලික ජනතාවගේ ප්‍රධාන මංගල්‍යය වු පාස්කු සැමරිම තහනම් වු රටක, මුස්ලිම් ජනයාගෙ ‍රාමසාන් උත්සවය සැමරීම තහනම් වූ රටක ,අලුත් අවුරුදු සැමරීම පසෙක දැමූ රටක,මියගිය දියණිය බැලීමටවත් නොහැකි උනු පියවරු සිටිය රටක, මියගිය රණවිරුවාට නිසි අදාහනයක් දීමට නොහැකි වූ රටක, මුස්ලිම් ජනයා ආගමික සිරිත් පසෙක දමා සහෘදයින් ආදාහනය කල රටක,

එක් දේශපාලකයෙකු වෙනුවෙන් සියල්ල පසෙක දමා තම බලය තර කිරීමට වෙහෙසුන අයුරු අනුමත කිරීමට හැකිදැයි ඔවුන් සිය සමාජ ජාලා ගිණුම් මගින් ප්‍රශ්න කර තිබෙනවා.