අළුත්ගම නගරයේ උත්සව ශාලාවක ඉකුත් දෙසැම්බර් 16 වැනි දින පැවැති විවාහ මංගල උත්සවයකදී හටගත් කොරෝනා පොකුර ඊයේ (03 වැනිදා) වන විට 58 දක්වා ඉහළ ගොස් තිබූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
මංගල උත්සවයට සහභාගි වූ පයාගල පොතුවිල සහ හොරගස්කැලේ යන ගම්මානවල දෙපාර්ශ්වයේ ඥාතීන් මෙසේ ආසාදිතවී ඇති අතර මනාලිය සහ උත්සව ශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීප දෙනෙක්ද ඊට ඇතුළත්වේ. මෙම කොරෝනා පොකුරට අදාළව 150කට වැඩි පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.
ලක්ෂිත විද්‍යාසේකර – කළුතර